Divaina - සඳැස් කවියට විසල් මෙහෙයක් කළ ජී. ඇම්. අජිත් කවියා අභාවප‍්‍රාප්ත වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

අනුරාධ හිිරිපිටියගේ
 
kaviyas සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ලේකම් සහ සිංහල තරුණ කවි සමාජයේ නිර්මාතෘ ජී. ඇම්. අජිත් කවියා ඊයේ (11 දා* සවස අභාවප‍්‍රාප්ත විය.
 
 කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මොහු මිය යන විට 61 වැනි වියේ පසු විය.
 
 ශී‍්‍ර ලංකාවේ දක්ෂතම හිටිවන කවීන් අතර ඉහළින්ම සිටි ජී. ඇම්. අජිත් කවියා සඳැස් කවියේ අභිවෘද්ධිය වෙනුවෙන් අතිවිශාල මෙහෙවරක් කළ කවියකු ලෙස ඉතිහාස ගත වෙයි.
 
 සිංහල තරුණ කවි සමාජය මගින් වසරක් පාසා සංවිධානය කරනු ලබන ‘24 පැයේ’ රජ කවි මඩුවේ නිර්මාතෘවරයා ද, ‘විරිත පද්‍ය’ සම්මාන උළෙලේ නිර්මාතෘවරයා ද ඔහුය. අජිත් කවියා ‘විරිත’ කවි පුවත්පතේ සංස්කාරකවරයා ද විය.
 
 ජීවමාන කවීන්ගේ සියලූ විස්තර ඇතුළත් පොතක් ‘හෙළ කිවි නම් වැල’ නමින් සම්පාදනය කිරීමට ද ඔහු කටයුතු කර ඇත. හිටිවන කවි මඩු දහස් ගණනක මුලසුන හොබවා ඇති ඔහු විසින් ආරම්භ කරන ලද විරිත කිවි තක්ෂලාවෙන් නවක කවි කිවිඳියෝ බොහෝ දෙනෙක් හිටිවන කවිය සම්බන්ධයෙන් ද අත්පොත් තැබූහ.
 
 අභාවප‍්‍රාප්ත ජී. ඇම්. පියදාස කවියාගේ පුතකු වන ජී. ඇම්. අජිත් කවියා කවි පොත් රැුසක් සහ නවක කවීන්ට
 
 මාර්ගෝපදේශ සපයන පොත් රැුසක් ද ලියා පළ කර තිබේ.
 
 ජී. ඇම්. අජිත් කවියා දක්ෂ කවීන් රැුසකගේ ගුරුවරයෙකි. ඔහු හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ධුර කාලයේදී සංස්කෘතික කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස ද, ගුවන්විදුලි සංස්ථාවේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කළේය. දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ. අජිත් කවියා අවසන් වරට සිය පියා වෙනුවෙන් ලියූ කවි පෙළ දිවයින උරුමය කවි පිටුවට 9 වැනිදා යොමු කර තිබිණි. එය අද පළ වේ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles