Divaina - බඬේ තියන රන් මාලය ගන්න හැටන් අධිකරණයෙන් නියෝගයක් සැකකරු 21 වැනිදා තෙක් රිමාන්ඞ්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p3 1කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කඩා ගිල දැමූ සැකකරුවකු මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත  බන්ධනාගාරගත කිරීමට හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත‍්‍රාත් දමයන්ති ප‍්‍රනාන්දු මහත්මිය 08 වැනිදා නියෝග කළාය.

රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරු වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර සැකකරුගේ උදරයේ රැුඳී තිබෙන රන් මාලය ඉවතට ගෙන හැටන් පොලිසිය වෙත භාර දෙන ලෙස ද හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත‍්‍රාත් දමයන්ති ප‍්‍රනාන්දු මහත්මිය උඩුදුම්බර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබුණි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හැටන් හිජිරාපුර පදිංචි අබ්දුල් මුතාෂ් මොහොමඞ් අලි නමැති 33 හැවිරිදි අයෙයි.

සැකකරු 08 වැනිදා හැටන් තරුණ බෞද්ධ සමිතියට පිවිසෙන මාර්ගයේ අතුරු මාර්ගයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳ තිබූ රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා ගෙල බැඳි රන්මාලය කඩා ගෙන පළාගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසියට ලද පැමිණිල්ලක් මත හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වහාම ක‍්‍රියාත්මක වී හැටන් නගරයේ ස්වර්ණාභරණ උකසට ගන්නා වෙළෙඳසල්වලින් ඒ පිළිිබඳ තොරතුරු විමසීමේදී සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය කරගත් පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් සිදුකළ අවස්ථාවේ සැකකරු සිංගිමලේ දුම්රිය උමන් මාර්ගය දෙසට

ගමන් කරන බවට ලද තොරතුරක් මත ලූහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අවස්ථාවේ සැකකරු ඔහු සන්තකයේ තිබූ රන් මාලය ගිල දමා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් පොලිසියේ නිලධාරීන් විසින් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර එක්ස් කිරණ ඡුායාරූපයක් ගෙන පරීක්ෂා කර බැලීමේදී සැකකරු විසින් කඩාගත් බවට සැක කෙරෙන රන් මාලය සැකකරුගේ උදරයේ රැුඳී තිබෙන අයුරු එක්ස් කිරණ ඡුායාරුපයේ පැහැදිලිව සටහන් වී ඇත.

සැකකරු මීට ප‍්‍රථම හැටන් ප‍්‍රදේශයේ මනුෂ්‍යය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලබා සැක පිට බන්ධනාගාරගතව සිට පසුව නිදහස් වී පැමිණි පුද්ගලයකු බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හැටන් පොලිසියේ නිලධාරීහු පැවසූහ.

හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් සහ හැටන් මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජී. එස්. පලිපාන යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප ප‍්‍රදීප් ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

නුවරඑළිය - නාලක රත්නායක

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles