Divaina - බලෙන් නිවසට ඇතුළු වී පිලිපීන ජාතික කාන්තාවට අතවර කළ මත්ලෝලියා අල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

dusanaඅතුරුගිරිය, මාලඹේ ප‍්‍රදේශයේ 45 හැවිරිදි පිලිපීන ජාතික කාන්තාවකගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයෙක් එම කාන්තාවට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  අතුරුගිරිය පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.

මෙම අතවරය සිදුකළ 36 හැවිරිදි සැකකරු හිඹුටාන ප‍්‍රදේශයේදී පෙරේදා (08 වැනිදා) අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ මත්කුඩු ග‍්‍රෑම් 3 යි මිලිග‍්‍රෑම් 55 ක් තිබී පොලිසිය භාරයට ගෙන තිබේ. සැකකරු මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහිවූ අයකු බව හෙළිවිණැයිද පොලිසිය කියයි.

සැකකරු එම පිලිපීන ජාතික කාන්තාව පදිංචි නිවසට තාප්පයෙන් පැන තිබේ. පසුව ඔහු එම නිවසේ දෙවැනි මහලට නැඟ නිවසට ඇතුල් වී තිබේ. එහිදී සැකකරු එම පිලිපීන ජාතික කාන්තාවගේ මුව වසා බියට පත්කර ඇයව නිවසේ කාමරය තුළට ඇදගෙන ගොස් අතවර කර සැකකරු පලාගොස් ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි. සිද්ධියෙන් පසු ඇය මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට ඇතුළත් වී තිබේ.

පසුව ඇය මේ ගැන අතුරුගිරිය පොලිසියට පැමිණිලි කළ අතර, ඒ අනුව විමර්ශන සිදුකළ පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරුට එරෙහිව අධිකරණයේ මත්කුඩු චෝදනා හා තවත් ලිංගික අතවර සම්බන්ධයෙන් නඩු කීපයක් ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් සැකකරු කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මේ පිළිබඳව අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සුනිලක රූපසිංහ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්‍ෂිකා මධුෂි, පොලිස් පරීක්‍ෂක පේ‍්‍රමලාල් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ පියදාස රණසිංහ

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles