Divaina - දෙවිනුවර ශ‍්‍රී විෂ්ණු මහා දේවාලයේ දේව තොවිලය අද: මහ දේව දානය හෙට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p17 4දෙවිනුවර ශ‍්‍රී විෂ්ණු මහා දේවාලයේ 763 වැනි ඇසළ මංගල්‍යයේ දේව තොවිලය නොහොත් කෝල්මුර යාගය හා ගිනි පෑගීම අද (10 දා) රාත‍්‍රී පවත්වා හෙට (11 දා) දහවල් මහා දේව දානය පූජා කිරීමෙන් අනතුරුව මෙවර ඇසළ උත්සවය නිමාවට පත්වේ.

කොරෝනා කාර්ය සාධක බළකායේ උපදෙස්වලට අනුව මූලික චාරිත‍්‍ර විධිවලට පමණක් සීමා කරමින් පැවැත්වෙන මෙම උත්සවයේ දේව තොවිලය සඳහා ශිල්පීන් 6 දෙනෙකු සහ බෙර 3 ක්ද, ගිනි පෑගීම සඳහා සහභාගි වන සංඛ්‍යාව 25 කටද සීමාකර ඇත.

දේව දානය පූජා කිරීමද, බුද්ධ පූජාව, දේව පූජාව, පරිවාර දේවාල පූජාවද කපු මහත්වරුන්ට හා ආවතේව කරුවන්ට පමණක් සීමාකර ඇත.

මෙම සියලූම කටයුතු බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වේ.

ගන්දර, දෙවිනුවර - එස්. කේ. කේ. ගුණතිලක
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles