Divaina - ඌව පළාතට ශීතාගාරයක් නොමැති වීමෙන් අතිරික්ත එළවළු පලතුරු විනාශයට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p17 3ඌව පළාතේ නිෂ්පාදනය කෙරෙන එළවළු හා පලතුරු සුරක්‍ෂිතව කල්තබා ගැනීම සඳහා මෙතෙක් එකදු ශීත ගබඩාවක් තැනීමට බලධාරීන්ට නොහැකි වීම විශාල අඩුපාඩුවක් බව පළාතේ එළවළු හා පලතුරු නිෂ්පාදකයන්ගේ සංවිධාන රැුසක් පෙන්වා දෙති.

කලක් මේ සම්බන්ධයෙන් දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය මට්ටමෙන් යෝජනා රැුසක් කරළියට පැමිණීමෙන් පසු රාජ්‍ය හා පෞද්ගලික ආයතන කිහිපයක් ඒ පිළිබඳ උනන්දුවක් දැක්වූ බව සඳහන් කරන එම සංවිධාන ඊට ටික කලකට පසු එම උනන්දුව කාලයත් සමඟ යටපත්ව ගොස් ඇති බව කියා සිටී.

මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පෞද්ගලික ආයතන පළාතේ එළවළු හා පලතුරු වගාකටයුතුවලට දිරි දෙමින් කටයුතු කිරීම නිසා නිෂ්පාදනවල වැඩි වීමක් දක්නට ලැබෙන බවත්, ඇතැම් කාලවලදී එම නිෂ්පාදනයන් හි අතිරික්තයන් බහුලව දකින්නට ලැබෙන බවත් පැහැදිලි කරදෙන එම පළාත් එළවළු හා පලතුරු නිෂ්පාදකයන්ගේ සංවිධාන මෙවැනි අවස්ථාවන්හිදී ශීත ගබඩාව නොමැති වීමෙන් නිෂ්පාදනයන්ගේ වැඩි ප‍්‍රමාණයක් විනාශ වීම නිසා වගාකරුවන් මහත් අසීරු තත්ත්වයන්ට පත්වන බව ද ප‍්‍රකාශ කරයි.

පවතින මෙම අඩුපාඩුව පිළිබඳ පසුගියදා පස්සර විවිධ සේවා සමුපකාර සමිතියේ පැවැති රැුස්වීමකදී ඌව පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් අනිල් විජේසිරි මහතා ද කියා සිටියේ පළාතේ එළවළු හා පලතුරු නිෂ්පාදනය සඳහා වූ අංග සම්පූර්ණ ශීත ගබඩා එකක් හෝ දෙකක් සමුපකාර සංවර්ධන අරමුදල් හරහා හෝ ආරම්භ කරන්න පුළුවන් නම් එය බහුතරයකගේ ද ඇගැයීමට ලක්වන බවයි.

නමුනුකුල - යූ. බී. පල්ලේගෙදර

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles