Divaina - කෝටියක් වටිනා කහ සහ එනසාල් - අල්ලයි ඉන්දියාවෙන් බෝට්ටුවලින් ගෙන්නලා:

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p17 2 2- කහ ගෝනි 04ක් සහ එනසාල්  ගෝනි 11 ක්

- දකුණු ඉන්දියාවේ සිට හොර රහසේ බෝට්ටු මගින් රැගෙන ආ බවට සැක කරන කෝටියක් පමණ වටිනා කහ සහ එනසාල් තොගයක් සමග බෝට්ටුවක් සහ සැකකරුවකු යුද හමුදා බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන කල්පිටිය පොලිසියට භාරදී ඇත.

පෙරේදා (08 දා) සවස කල්පිටිය - ආනවාසල ප‍්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. කහ අසුරන ලද පොලිතින් මලූ 04 ක් සහ එනසාල් මලූ 11 ක් යුද හමුදා භාරයට ගෙන පොලිසියට භාර දී ඇත. මෙම කහ සහ එනසාල් තොගය කුඩා ප‍්‍රමාණයේ බෝට්ටුවක අසුරා තිබී ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී ඇත්තේ කල්පිටිය - ආනවාසල පදිංචි 44 හැවිරිදි අයෙකුය. වැටලීම සිදු කරන විට එම ස්ථානයේ සිටි දෙදෙනකු පලාගොස් ඇත. කිසියම් අයකු විසින් ගෙනැවිත් කල්පිටියට උතුරින් පිහිටි දූපතක සඟවා තිබියදී කහ සහ එනසාල් තොගය තමන්ට හමුවූ බව අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පොලිසියට පවසා ඇත. අත්අඩංගුවට ගෙන ඇති කහ තොගයේ බර කිලෝ 114 ග‍්‍රෑම් 500 ක් සහ එනසාල් කිලෝ 261 ක් තිබී ඇත. කල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

පුත්තලම - නලීන් හෙන්දුරුගොඩ  - මහ වැව අමරනන්ද

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles