Divaina - වසර පහක් අක‍්‍රීයව පැවති මත්තලින් පසුගිය මාස දෙකට ගුවන් ගමන් වාර හැටදෙකක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p3 3පසුගිය වසර පහකට ආසන්න කාලයක් තිස්සේ අක‍්‍රීයව පැවති මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළින් ජුනි සහ ජූලි මසදී පමණක් ගුවන් ගමන් වාර 62 ක් හසුරුවමින් ගුවන් මගීන් 2212 කට සිය සේවා සැපයීමට හැකි වූ බව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප‍්‍රධාන කළමනාකරු උපුල් කලන්සුරිය මහතා පැවසීය.

වසර පහකට ආසන්න කාලයක් තිස්සේ අක‍්‍රීයව පැවති මත්තල ගුවන් තොටුපොළ වත්මන් රජය බලයට පත්වීමත් සමග යළි සක‍්‍රීය තත්ත්වයට පත්ව තිබේ. ඒ අනුව කොරෝනා වෛරසය ලොව පුරා පැතිර යෑමත් සමග විවිධ රටවල සිරවී සිටි ශ‍්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්නා ගැනීමේ මෙහෙයුම්

රැුසක් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළ හරහා සිදු කෙරුණි. ශ‍්‍රි ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා සහ ඉංඩිගෝ ගුවන් සේවයට අයත් ්ඔඍ 72 සහ ්-320 ගුවන් යානා යොදා ගනිමින් ගමන් වාර 20 ක් හා තවත් විදේශීය ගුවන් සේවා සමාගම්වලට අයත් ගුවන් යානා රැුසක්ද මෙම කාලය තුළ මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළට පැමිණීම විශේෂත්වයකි.

මීට අමතරව මෙරට වරායන් වෙත පැමිණි විවිධ විදේශීය නෞකා සදහා නාවික කාර්ය මණ්ඩල සාමාජිකයන් හුවමාරු කිරීම හා භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානා සඳහා පහසුකම් සැපයීමේ ස්ථානයක් ලෙස විශාල සේවයක් සපයමින් ලංකාවේ ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා මත්තල ගුවන් තොටුපොළ සක‍්‍රීයව සිය දායකත්වය ලබාදීමට සමත් වී තිබේ.

මත්තල - දිලීප් එන්. ජයසේකර
 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles