Divaina - ලංකාපුර ප‍්‍රා. සභාවේ සභාපති හා තවත් කාන්තාවෝ දෙදෙනෙක් නිරෝධායන නීති කඩකර ඡන්දය දාලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ස්වයං නිරෝධායනයට යොමුකර සිටි ලංකාපුර ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් කාන්තාවෝ දෙදෙනකු නිරෝධායන නීති කඩකර ඊයේ (05 දා) ජන්දය පාවිච්චිකර ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු කියති.

ලංකාපුර එකමුතු බෞද්ධර්ථ සාධක ග‍්‍රාම සංවර්ධන සමිති ශාලාවේ පිහිටි ජන්ද මධ්‍යස්ථානයට පැමිණ මොවුහු ජන්දය භාවිත කර ඇතිබව අනාවරණයවී තිබේ.

මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් මේ බව හෙළිවී ඇති අතර නිරෝධායන නීති උල්ලංඝණය කළ එම පිරිස නිරෝධායන පනතට අනුව නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකළ බවත් එම ජන්ද මධ්‍යස්ථානය විෂබීජහරණය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු තම කාර්ය මණ්ඩලය වහා පියවර ගත් බවත් පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, වෛද්‍ය ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්. එස්. කුමාරවංශ මහතා පැවැසීය.

ඒ අනුව පවුල් දෙකකට අයත් කුඩා ළමුන් ඇතුළු 07 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර ඇතැයිද ඒ මහතා කීය.

කරුණාරත්න ගමගේ

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles