Divaina - දැවැන්ත වන අලි දෙදෙනෙක් අනුරාධපුර විජයපුරට කඩාවදිති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p19 1- තාප්ප හා කම්බි කණු කඩා දමමින් ගමන්  ගන්නා අලි දැක ජනතාවට භීතියට පත්වෙති

- අනුරාධපුර නගරය ආසන්නයේ පිහිටි විජයපුර, ගෙවල් 55 හා තුන්වන පියවර ප‍්‍රදේශවලට ඊයේ (06දා) උදෑසන දැවැන්ත වන අලින් දෙදෙනකු හදිසියේම කඩා වැදී අතුරු මාර්ග ඔස්සේ සැරි සැරීම නිසා භීතියට පත්වූ ජනතාව සන්සුන් කිරීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියට හා පොලිස් විශේෂ කාර්ය බළකායට විශාල වෙහෙසක් දැරීමට සිදුවිය.

අනුරාධපුර විජයපුර හංදිය ආසන්නයට වන අලින් දෙදෙනා පැමිණීමත් සමග එම තුලාන භාරව සිටින ග‍්‍රාම නිලධාරිවරයා විසින් අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ, අනුරාධපුර නැගෙනහිර ප‍්‍රදේශීය ලේකම් රුවන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් දැනුවත් කිරීමත් සමග පොලිස් ආරක්ෂාව ලබා ගැනීමට නිලධාරින් කටයුතු කර තිබුණි. වහාම ක‍්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එම්. සංජීව මහනාම මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ප‍්‍රදේශයට ගොස් ජනතාවට ආරක්ෂාව සැලසු අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ සහය ලබාගැනීමටත් කටයුතු සිදුකර තිබුණි.

වන අලින් විජයපුර ප‍්‍රදේශයට කඩා වැදීමත් සමග අනුරාධපුර වන ජීවි අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින් හා පණ්ඩුලගම පශු වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීහු අලින් පන්නා දැමීමේ මෙහෙයුම් සඳහා සහභාගි වී සිටියහ.

වන අලින් දෙදෙනා ඊයේ (06 දා)
 අළුයම කීරික්කුලම, යහලේගම, උණගස්වැව, පාලාඩිකුලම, තුරුවිල, හිදෝගම හරහා අනුරාධපුර නගරාසන්නයට පැමිණෙන්නට ඇති බවට වනජීවි නිලධාරින් සැක පහළ කළ අතර අළුයම පහට පමණ අනුරාධපුර නගරයට කිලෝමීටර නවයක් පමණ ඈතින් පිහිටි යහලේගම පදිංචිකරුවකු වන අලින් දෙදෙනා ගම්මානයේ ප‍්‍රධාන මාර්ගයක් ඔස්සේ ගමන් කරනා අයුරු දැක තිබේ.

ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ ගමන් මගට අවහිරවු තාප්ප කඩාදැමීමට මෙන්න කොන්ක‍්‍රීට් කම්බි කණු කඩා දැමීමටත් කටයුතු කර තිබිණි. අනුරාධපුර තුන්වන පියවර තිලකරත්නාරාමය ආසන්නයෙන් පිහිටි ජනාකීර්ණවු පණ්ඩුකාභය මාවත ඔස්සේ වන අලින් දෙදෙනා අවස්ථා කිහිපයකදීම ගමන් කළ අතර එම ප‍්‍රදේශයේ නිවාස දෙකක පිහිටි තාප්පවලට පහරදී අලාභ සිදුකර තිබෙන බව අනාවරණය විය.

පණ්ඩුකාභය මාවත තාවකාලිතව වසා දැමීමට පොලිසිය පියවර ගනු ලැබීය. වන අලින් දෙදෙනා නගරයට කඩා වැදීමත් සමග කලබල වු විජයපුර, තුන්වන පියවර, ගෙවල් 55 ප‍්‍රදේශවල පදිංචි දහසක ජනතාව අතුරු මංමාවත්වලට පිවිස වන අලින් දෙදෙනා ගමන් කරනා ආකාරය දැක බලා ගැනීමට රොක් වීම නිසා ඔවුන් පාලනය කිරීමටත් පොලිසියට විශාල වෙහෙසක් දැරීමට සිදුවු අතර වන අලින් කලබල නොවන ලෙස හැසිරි ඔවුන් පලවා හැරීමට සහය ලබාදෙන ලෙස මෙහෙයුමට පැමිණි නිලධාරීහු ඉල්ලා සිටියහ.

වන අලින් ඈත කැලෑවට පන්නා දැමීමට පැමිණි වනජිවි නිලධාරීන්ට පැය පහකට අධික කාලයක් ගතවුවත් වන අලින් සැඟවුණු ස්ථානය නිශ්චිතව සොයා ගැනීමට නොහැකිවු අතර අලි වෙඩි භාවිතා නොකිරීමට නිලධාරීහු කටයුතු කළහ.

අලි වෙඩි භාවිතා කිරීමෙන් වන අලි දෙදෙනා කුලප්පුවීම සිදු වුවහොත් ජීවිත හානි හෝ දේපළ හානි සිදුවීමේ ඉඩකඩක් ඇති නිසා නිලධාරීහු ඉතා සූක්ෂමව අලින් එලවීමේ කටයුතුවල ඊයේ (06 දා)
 මධ්‍යහනය වනවිටත් සිදුකරමින් සිටියහ. වන අලින් පැමිණි යහලේගම ප‍්‍රදේශයේ නිවාස දෙකකට පහරදී අලාභ හානි සිදුකර තිබෙන බව අනාවරණය විය.

මිහින්තලේ - රංග චතු
 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles