Divaina - දෙගම්බොඩ රජා ගස් බඳී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 දෙබරවැව - ඒ. ඒ. පේමසිරි

kimb777
 
 අඩි නවයක් පමණ දිගැති දැවැන්ත කිඹුලෙකු පෙරේදා රාත‍්‍රි (04 දින* තිස්සමහරාම දෙබරවැව ගැමුණුපුර මංගල මාවතට කඩා වැදි ඇති අතර, ප‍්‍රදේශවාසින් විසින්් එම කිඹුලා අල්ලා ගස් බැ`ද තිබේ.
 
 මෙම කිඹුලා ගැමුණුපුර මංගල මාවත ප‍්‍රදේශයට කඩා වැදී නිවසක ඉදිරිපස ගේට්ටුවට වලිගෙන් පහර දෙන අවස්ථාවෙහි එම හඬ නිවෙස් හිමියන්ට හා අසල්වැසියන්ට ඇසී සොයා බැලීමේදි කිඹුලා දැක ඇති අතර, ප‍්‍රදේශවාසින් එක් රොක් වී එම කිඹුලා එම අවස්ථාවේදිම අල්ලා ගස් බැ`ද තිබේ.
 
 නිවෙස්වල ඇති කරන බල්ලන්, බළලූන් හා කුකුළන් ගිල දැමිමට මීට පෙරද, දෙබර වැවේ සිට කඹුලන් ගම් වැදි ඇති අතර, ප‍්‍රදේශවාසින් විසින් මෙසේ එම කිඹුලන්ද අල්ලා ගස් බැ`ද වනජිවි නිලධාරින්ට භාර දි තිබේ.
 
 අල්ලා ගන්නා ලද කිඹුලා වනජිවි නිළධාරින්ට භාර දීමට පියවර ගෙන තිබු අතර, ඊයේ දහවල් වෙන තෙක්ම වනජිවි නිළධාරින් එම ස්ථානයට පැමිණ නොතිබිණි. 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles