Divaina - විදෙස් ගත බිරියගේ අනියම් පෙමට උරණවී තුන් හැවිරිදි දියණිය ඝාතනය කළ පියාට මරණීය දණ්ඩනය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 

නුවරඑලිය නාලක රත්නායක

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑලිය  මහා අධිකරණ විනිසුරු ප‍්‍රමිල රත්නායක මහතා විසින් පසුගිය (04*දා මරණීය දණ්ඩනය නියම කරන ලදී.

මෙසේ මරණ දඩුවම නියම කරනු ලැබුවේ නුවරඑලිය රාගල හල්ගන්ඔය ප‍්‍රදේශයේ පදිංචි සෝමසුන්දරම් සුරේෂ් නැමති 41 හැවිරිදි දෙදරු පියෙකුටය.

වර්ෂ 2014.10.24 දින රාත‍්‍රි තම නිවසේදී තුන් හැවිරිදි සුරේෂ් ඉන්දියා නැමති දියණිය ගෙල සිර කර ඝාතනය කිරීමේ චෝදනාව යටතේ චූදිතට මරණ දඩුවම නියම විය.

චූදිතගේ බිරිඳ කුවේට් රාජ්‍යයේ ගෘහසේවය සඳහා 2014 වසරේදී විදෙස්ගත වී ඇති අතර එහිදී ඇය ශ‍්‍රී ලංකික තරුණයෙකු සමග අනියම් සබඳතාවයක් පවත්වා ගනිමින් චූදිත සහ චූදිතගේ දරුවන්ට නොසලකා හරිමින් සිටීම නිසා උරණ වූ චූදිත තම අවු 3 හැවිරිදි දියණිය ගෙල සිර කර ඝාතනය කර ඇත. රාගල පොලිසිය විසින් ඝාතනය සම්බන්ධයෙන් නුවරඑලිය මහ අධිකරණයේදී නඩු පවරා තිබිණි.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles