Divaina - මළත් පොහොට්‌ටුවට ඡන්දෙ දීලා තමයි මැරෙන්නේ කියා තාත්තා උදෙන්ම ඡන්ද පොළට ගියා...... ඡන්දය දාන්න පෝලිමේ සිටි 80 හැවිරිදි අයෙක් ඇද වැටී මියයයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ආර්.ඒ.එස්.පේ‍්‍රමතිලක බණ්ඩාරගම  පානදුර දීපිකා කාරියවසම්
 
 ඡන්දය පාවිච්චි කිරීමට පැමිණි පුද්ගලයෙක් පානදුර බෙක්කේගම ප‍්‍රාථමික විදුහලේ ඡන්ද පෝලිමේ සිටියදී ඊයේ (05* හදිසියේ අසනිපව ඇද වැටී මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.
 
 පානදුර බෙක්කේගම අම්බලන්¥ව ප‍්‍රදේශයේ පදිංචිව සිටටි එම්. ජී. පීරිස් නමැති 80 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි.
 
 ඔහු ඊයේ පෙරවරු 8.30 ට පමණ ඡන්දය දැමීම සඳහා පෝලිමේ රැඳී සිටියදී හදිසියේ අසනිපව බිම ඇද වැටී ඇති අතර 1990 සුවසැරියෙන් පානදුර මුලික රෝහල වෙත රැුගෙන ගොස් තිබේ. රෝහල් ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇතැයි රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.
 
 මියගිය අයගේ මරණ පරීක්‍ෂණය සඳහා මළ සිරුර පානදුර මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
 
 පානදුර දකුණ මුලස්ථාන පොලිස් පරීක්‍ෂක එම්.එස්. කුමාරසේන මහතාගේ උපදෙස් පරිදි රෝහල් පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ආර්. ගුණසේන සහ සැරයන් ධර්මරත්න (55323* පරීක්‍ෂණ පවත්වති.
 
 ‘මළත් පොහොට්ටුවට ඡන්දෙ දීලා තමයි මැරෙන්නේ’ කියා තාත්තා උදෙන්ම ඡන්දපොළට ගියා
 
 අසනීප තත්ත්වයෙන් සිටිද්දීත් මම මළත් පොහොට්ටුවට ඡන්දය දාල තමයි මැරෙන්නේ කියා උදෑසනම තම පියා ඡන්දපොළට ගිය බව පානදුර බෙක්කේගම කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්දපොළ භූමියේදී ඊයේ (05 දා* මියගිය මිනුවන්පිටියගේ ගාර්ලින් පීරිස් මහතාගේ පුත‍්‍රයා වන බෙක්කේගම නාවැටිය පදිංචි උපුල් සුජීව පීරිස් මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් පැවසීය.
 
 සාක්‍ෂි විභාගය පානදුර නාගරික හදිසි මරණ පරීක්‍ෂක දුමින්ද දේවපි‍්‍රය අධිකාරම් මහතා හමුවේ පානදුර මූලික රෝහලේදී පැවැත්විණි. තවදුරටත් සාක්‍ෂි දුන් මියගිය අයගේ පුත් උපුල් සුජීව පීරිස් නමැති අය මෙසේ ද කීය.
 
 මගේ තාත්තා ඡන්දපොළට ගිහිල්ලා ටික වේලාවකට පස්සේ ආරංචියක් ආවා තාත්තට හොඳටම අමාරුයි කියලා. පස්සේ අපි  ගිහිල්ලා තාත්තව ති‍්‍රරෝද රථයක දාගෙන පානදුර මූලික රෝහලට ගෙනාවා. රෝහල් වාට්ටුවට ඇතුළත් කළාත් ඒ වන විටත් තාත්තා මියගොස් ඇති බව මම දැනගත්තා. මෙම මරණ ගැන කිසිදු සැකයක් නැහැ.
 
 අසූඑක් හැවිරිදි මියගිය අයගේ භාර්යාව වන දෝන දයාවතී සිල්වා මහත්මිය සාක්‍ෂි දෙමින් මෙසේ කීවාය. ඔහුට අපි එපා කියද්දී ඡන්දපොළට යන්න ගියා. කොහොම හරි මම ඡන්දය පොහොට්ටුවට දානවා කිව්වා. දරුවනුත් යන්න එපා කිව්වා. එයා හිතුවක්කාරකමට අපි කියන දේ අහන්නේ නැතිව ගියා. ඔහුට කාලයක් තිස්සේ තිබූ රෝගී තත්ත්වය උත්සන්නවීමෙන් මෙම මරණය සිදුවූ බවට මම විශ්වාස කරනවා. පානදුර බෙක්කේගම ඡන්ද මධ්‍යස්ථානයේදී මරණයට පත්වූ 81 හැවිරිදි දෙදරු පියාගේ මරණය තොම්බෝසිස් නම් රෝගය උත්සන්නවීමෙන් සිදුවූ ස්වභාවික මරණයක් බව පානදුර නාගරික මරණ පරීක්‍ෂක දුමින්ද දේවපි‍්‍රය අධිකාරම් මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී සිය නිගමනය ප‍්‍රකාශයට පත් කළේය. සාක්‍ෂි මෙහෙයවීම පානදුර රෝහල් පොලිසියේ සැරයන් (55323* ධර්මරත්න මහතා සිදු කළේය.

 
 
 

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles