Divaina - විනෝද සමයෙන් ශ‍්‍රාවක සිත් බැඳගත් බර්ටි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p14 2- ඊයේට යෙදුණු 96 වැනි ජන්ම දිනය වෙනුවෙනි

- දශක හයකටත් අධික කාලයක් තිස්සේ ශී‍්‍ර ලාංකේය කලා ක්‍ෂේත‍්‍රය හැඩ කළ අති විශිෂ්ට විකට රංගන ශිල්පියෙකු වූ බර්ටි ගුණතිලකයන් මෙම අගෝස්තු මස 02 දින සිය 96 වැනි ජන්ම දිනය සැමරීය.

වර්ෂ 1924 අගෝස්තු මස 2 දින මහනුවර අම්පිටියේදී උපත ලද බර්ටි සංඝතිස්ස ගුණතිලක මහතා සහෝදර සහෝදරියන් 7 දෙනකුගේ පවුලේ දෙවැනියාය. මහනුවර අම්පිටිය විiාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඒ මහතා වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ මහනුවර සංඝරාජ පිරිවෙන ඇසුරේය. පාලි සංස්කෘත භාෂා හැදෑරූ එහෙතම ප‍්‍රාචීන විභාගය සමත්ව ආයුර්වේද වෛi විiාලයට ඇතුළත්වීමේ වරම් ලැබීය. එහෙත් එහි ඇතිවූ ශිෂ්‍ය අරගලයක් හේතුවෙන් කෙටි කලකින් ඉන් ඉවත් විය. ගොඩකවෙල ඇමිටියගොඩ ප‍්‍රදේශයේ විදුහලක පැවති උත්සවයක ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වීමට පැමිණි අවස්ථාවක හමුවූ එම විදුහලේම ගුරුවරියක වූ අලහකෝන් මුදියන්සේලාගේ සෝමා ගුණතිලක මෙනවිය සමග 1989 අගෝස්තු මස 28 දින යුග දිවියට ඇතුළත් විය. එච්. ඞී. විජේදාස මහතාගේ ‘විහිළු තහළු’ වැඩසටහන සැමුවෙල් රුද්‍රිගු, ඇනස්ලි ඩයස් ඇතුළු ශිල්පීන් කිහිප දෙනකු සමග හැඩ ගැන්වීය. ගුවන් විදුලියේ සිංහල අංශයේ ප‍්‍රධානියා වූ තේවිස් ගුරුගේ මහතාගේ ‘විනෝද සමය’ වැඩසටහන අදද ශ‍්‍රාවක දෙසවන රැුව් පිළිරැුව් දෙන අතිශය ජනපි‍්‍රය වූ වැඩසටහනකි.

වර්ෂ 1993 අගෝස්තු මස 07 දින සිය දයාබර බිරිඳ සෝමා ගුණතිලක මහත්මිය දිවියෙන් සමු ගැනීමෙන් පසුව බර්ටි ගුණතිලකයන් දැනට සිය ¥ දරුවන්ගේ නොමඳ ආදරය ලබමින් ගොඩකවෙල වේරහැර නිවසේ ජීවත්ව සිටී. සිව් දරු පියෙකු වූ බර්ටි ගුණතිලක මහතාගේ වැඩිමහළු පුත් භාරත ගුණතිලක කොළඹ පදනම් ආයතනයේද, කුමුදිනී ගුණතිලක දියණිය රූපවාහිනි සංස්ථාවේද සේවය කරති. කොළඹ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වූ හර්ෂ ගුණතිලක පුතනුවන් සහ දියණිය ජීවනී ගුණිලක මෙනවිය පියාගේ දුක සැප බලමින් වේරහැර නිවසේ නතරව සිටිති. බර්ටි ගුණතිලක මහතාට මුණුබුරු බිනිබිරියන් තිදෙනෙකි. වියපත් බව හැරුණ විට වෙනත් රෝගාබාධයකින් නොපෙළෙන බර්ටි ගුණතිලක කලාකරුවාට චිර ජීවනය ප‍්‍රාර්ථනා කරමි.

ගබ්බෙල පියදාස - රක්වාන
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles