Divaina - රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි රවටා ලක්‍ෂ 12ක් ගත් තරුණයා අත්අඩංගුවට - ”ඩොලර්වලින් ලොතරැයියක් ඇදිලා”

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p14 1ජනප‍්‍රිය චිත‍්‍රපට සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතාට ලොතරැයි දිනුම් ඇදීමකින් ඇමෙරිකානු ඩොලර් අසූපන්දහසක මුදලක් ඇදී ඇති බව පවසා ප‍්‍රධාන පෙළේ බැංකු හතරකට ඔහු ලවා මුදලින් රුපියල් දොළොස් ලක්‍ෂයකට අධික මුදලක් වංචනික ලෙස තැන්පත් කරගත් 32 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ වංචා විමර්ශන ඒකකය පවසයි.

පානදුර හිරණ පදිංචි වීරප්පුලිගේ ජයසිරි නම් ජනප‍්‍රිය රංගන ශිල්පියා විසින් එම ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබූ බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කොස්ගම පදිංචි 32 හැවිරිදි අයකු බණ්ඩාරවෙල අපරාධ වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි විමර්ශන ඒකකයේ උසස් නිලධාරියෙක් කීවේය. අයි. සී. සී. ආයතනය අනුග‍්‍රහය ඇතිව සංවිධානය කළ ලෝක කුසලාන තරගාවලියකට සමගාමීව පවත්වනු ලැබූ ලොතරැුයි දිනුම් ඇදීමකින් ජංගම දුරකථන අංකවලට අනුව ජනප‍්‍රිය රංගන ශිල්පියාට ඇමරිකානු ඩොලර් අසූපන්දහසක් ඇදී ඇති බව පවසා පානදුරේ ප‍්‍රධානතම බැංකු හතරක රුපියල් ලක්‍ෂ දොළහකට අධික මුදලක් තැන්පත් කරවාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

ජනප‍්‍රිය ටෙලි නාට්‍ය සහ රංග ශිල්පියාගේ පැමිණිල්ල මත විමර්ශන සිදුකර සිද්ධියට අදාළව පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර පැමිණිලිකරු විසින් මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් අදාළ බැංකු හතරෙන් වාර්තාවක් ලබාගත් බව අපරාධ හා වංචා විමර්ශන අංශය පවසයි.

එම වාර්තාවට අනුව හංවැල්ල ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමක් සම්බන්ධයෙන් වූ වාර්තාව අනුව එම ගිණුම් හිමියා කොස්ගම අකරවිට ප‍්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු බව තහවුරු කරගත් බව පානදුර කොට්ඨාස අපරාධ හා වංචා විමර්ශන අංශය පවසයි.

සැකකරු මේ අයුරින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල අපරාධ සහ වංචා සිදුකර ඇත්දැයි විමර්ශන සිදු කරන බවත්, පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලිසිය පවසයි.

පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, සහකාර පොලිස් අධිකාරි උදය අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීහු පරීක්‍ෂණ සිදු කරති.

පානදුර - දීපිකා කාරියවසම්
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles