Divaina - ජනපතිගේ බදු සහන නිසා රටේ ආර්ථික වර්ධන වේගය ඝෘණ 6.1 දක්වා පහත වැටිලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

අකිත පෙරේරා
 
 harsaමෙම වසර තුළ මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 6.1 දක්වා පහළ වැටෙනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පුරෝකතනය කර ඇති බවත් එය එසේ වුවහොත් මෙරට තුළ දරුණු ආර්ථික අවපාතයක් ඇතිවෙතැයි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
 
 එහි ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (31දා* පෙරවරුවේදී පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
 
 ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ 6.1 කියලා කියනවා. නමුත් මහ බැංකුවෙන් අපිට ලැබෙන ආරංචි අනුව සහ ජාත්‍යන්තර ගණනය කිරීම්වලින් කියැවෙන විදිහට අපේ පළමු කාර්තුව විශාල සෘණ අගයක්, හැබැයි ඒක ආණ්ඩුව කියන්න ඕනා. නමුත් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හෝ ආණ්ඩුව මේක කියන්නේ නෑ. ඒ අය හිතනවා අපේ රටේ ආර්ථික වර්ධනය ගැන කිව්වොත් මේ වෙලාවේ ඒක ඡුන්දයට බලපායි කියලා.
 
 මේ වැඬේ තේරුම මොකක්ද ජනතාව දැනගන්න ඕනා. කොරෝනා වසංගතය නිසා නොමෙයි මේ තත්ත්වය ඇතිවුනේ. බදු සංශෝධනය නිසා. පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය ගැන කියන්න ඕනා.
 
 ඒ ගැන දත්ත ප‍්‍රකාශ කරන්න ඕනා. අපිට මේවා දැනගන්න අයිතිය තිෙඉනවා. මේ වසරේ අපේ ආර්ථික වර්ධන වේගය සෘණ හයක් වෙනවා නම් ඒක විශාල ගැටලූවක් වෙනවා. රැුකියා සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්නයක් මතුවී තිබෙනවා. ඒ අනුව ජීවත්වීමේ අර්බුදය තවත් උග‍්‍ර වේවි.
 
 ජනතාව ජීවත්කරවීමට මේ ආණ්ඩුව අරගෙන තිබෙන පියවර මොනවාද? මුකුත් නෑ. අපේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා අවසන්. රුපියල් 20000 ක දීමනාවක් දෙන්න යෝජනා කර තිබෙනවා. ඒක අහසින් ගත්තු අංකයක් නොවෙයි. සංඛ්‍යා ලේඛන දත්ත අනුව ගත්තු ආදායම් ආධාරකයක්. රජය ජනතාවට අත දෙන්නේ නැත්නම් කාගේ සරණක්ද ජනතාවට තිබෙන්නේ. බිලියන 40 යි යන්නේ මේ දීමනාව දෙන්න. ජනාධිපති තුමාගේ බදු සහනය දීම නිසා කොතරම් මුදලක් අහිමිවෙලා තිබෙනවාද අවම වශයෙන් රුපියල් බිලියන 150 ක් අහිමි වෙලා තිබෙනවා. ඉහළ පංතිකයින්ට දුන්නු බදු සහන නිසා තමයි මේ දේ වුනේ. සාමාන්‍ය ජනතාවට ලබා දුන් සැමන් සහ පරිප්පු බදු සහනය මේ ආණ්ඩුව සති දෙකෙන් ඉවත් කළා.
 
 පෙට‍්‍රල් ලීටරයකින් දැන් රුපියල් අනූවක පමණ බද්දක් මේ ආණ්ඩුව ගන්නවා. එහෙමනම් මේ ආණ්ඩුව ඉහළ පැලැන්තියේ බදු අයින් කරලා සාමාන්‍ය ජනතාවට බදු ගහලා අහිමිකර ගත්තු බදු මුදල් ප‍්‍රමාණය විශාලයි. සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආණ්ඩුවකින් නැවතත් බදු සංශෝධනය කළ විට අපිට අවශ්‍ය මුදල් හොයාගන්න පුලූවන් රුපියල් 20000 දීමනාව ලබා දෙන්න.
 
 මට බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා එක්ක විවාද කරන එක වැඩක් නොවෙයි. අපි කියන්නේ ඉතා ඉක්මනින් ජනතාවට සහන දෙන්න කියලායි. ගිය ආණ්ඩුවෙන් ණය ගත්තා තමයි පසුගිය වසර ටි‍්‍රලියන 5.6 කින් මේ රටේ ණය වැඩි වුනා තමයි. නමුත් කව්රුත් නොදන්න දේ තමයි පළමු මාස හතරට මේ ඝෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව රුපියල් ටි‍්‍රලියන එකකින් ණය ප‍්‍රමාණය වැඩි කරගෙන තිබෙනවා. ඒවටත් උත්තර දෙන්න ඕනා බන්දුල ගුණවර්ධනලා. අද අපේ රටට ඩොලර් ණයක් ගන්න බැරිවෙලා තිබෙනවා සාමාන්‍ය ක‍්‍රමවේදය යටතේ. අපිට දැන් රෝල් ඕවර් කරලා ඩොලර් ණය ගන්න බෑ.
 
 ඒක නිසායි මේ අය ඇමරිකාවේ මහ බැංකුවෙන් ණය අරගත්තේ. හැබැයි ඒ අය නිකම් ණය දෙන්නේ නෑ කුමක් හෝ ඇපයට තියා ගන්නවා. 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles