Divaina - නිට්‌ටඹුවේ ගබ්සා මධ්‍යස්‌ථානය වටලද්දී පැමිණි සිටි පෙම් යුවළ අත්අඩංගුවට... හතළිස්‌ දහසක්‌ වෛද්‍යවරයාට ගෙවලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
 
 නිට්‌ටඹුව නගරයේ වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ ලෙස පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්‌ථානයක්‌ පෙරේදා (30 දා) දහවල් වටලා ඇති නිට්‌ටඹුව පොලිසිය වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයා සහ සහයකයා අත්අඩංගුවට ගෙන තිබේ.
 
 ගබ්සාව සිදුකර ගැනීම සඳහා එම වෛද්‍ය මධ්‍යස්‌ථානයට පැමිණ තිබූ 19 හැවිරිදි අවිවාහක තරුණිය සහ ඇගේ පෙම්වතාවද පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇති අතර එම පෙම් යුවළ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
 
 නිට්‌ටඹුව පොලිස්‌ ස්‌ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ප්‍ර. පො. ප. අසේල පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ පෙරේදා (30 දා) දහවල් එම ස්‌ථානය වටලන අවස්‌ථාවේ අත්අඩංගුවට පත් 19 හැවිරිදි තරුණිය ගබ්සාව සිදුකිරීම සඳහා සූදානම් කර තිබූ බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
 
 අත්අඩංගුවට පත් එම පෙම් යුවළ 29 වෙනිදා වෛද්‍ය පරීක්‍ෂණයකට පෙනී සිටීම සඳහා නිට්‌ටඹුවට පැමිණ ඇති බවත් අවිවාහක තරුණිය ගැබ් ගෙන ඇති බව වෛද්‍ය පරීක්‍ෂණයෙන් හෙළිවී තිබේ. ගබ්සාව සිදුකිරීම සඳහා රුපියල් හතළිස්‌ දහසක මුදලක්‌ද එම යුවළගෙන් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයා අය කරගෙන ඇති අතර ගබ්සාවන් සිදුකිරීම සඳහා උපයෝගි කර ගන්නා උපකරණ හා බෙහෙත් වර්ග රැසක්‌ද පොලිස්‌ භාරයට ගෙන තිබේ.
 
 අත්අඩංගුවට පත් සැකකරු නීත්‍යනුකූල වෛද්‍යවරයකු ද යන්න පරීක්‍ෂණ සිදු කරන බවත් සැකකරුවන් හා සැකකාරිය ඊයේ (31 දා) අත්තනගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පැවසීය.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles