Divaina - ශිෂ්‍යාව පණපිටින් මැරූ ගහලයෝ නිදැල්ලේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 හිඟුරක්‌ගොඩ - අතුල සූරිය බණ්‌ඩාර
 
 ජීවතුන් අතර සිටින 16 වියෑති පාසල් ශිෂ්‍යාවක්‌ අපහසුතාවට පත්වන ආකාරයට ඇයගේ රුව යොදා මරණ දැන්වීමක්‌ සකස්‌ කොට ඒවා ප්‍රසිද්ධ ස්‌ථානයන්හි ඇලවූ බවට සැකකරන පුද්ගලයන් සොයා මින්නේරිය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.
 
 මින්නේරිය පොලිස්‌ වසමට අයත් ජයන්තිපුර දැහැමිගම ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වන අතර දහසය වියෑති ශිෂ්‍යාවගේ රුව යොදා උපත, විපත සඳහන් කොට ඊට ''අනිච්චාවත සංඛාරා'' යන ශීර්ෂය ද යොදා ඇති බවට අනාවරණය වේ. කඩදාසිවල මුද්‍රණය කොට ඇති එකී දැන්වීම තඹලවැව සිට දැරිය ඉගෙනුම ලබන ජයන්තිපුර විද්‍යාලය දක්‌වා විදුලි කණුවල අලවා තිබී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
 
 මෙම පහත් ක්‍රියාව සිදුකළ පුද්ගලයන් සොයා මින්නේරිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ආර්. එම්. සී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles