Divaina - කළු කුමාරයාට මුවාවී කතට අතවර කළ කපුවා කපෝති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ආර්. එම්. ඩබ්ලිව්. බණ්‌ඩාර - කුරුණෑගල
 
විවාහ වී වසර තුනක කාලයක්‌ ගෙවී ගියත් තම දියණියට (අවු 21) දරුඵල නොමැති බැවින් මව දේවාලේ කපුවාගේ උපදෙස්‌ මත කළුකුමාර දොaෂය ඉවත්කර ගැනීම සඳහා දියණිය සමග දේවාලයට ගොස්‌ තිබේ. එහිදී දෙවොල තුළදී ලිංගික අතවරයකට ලක්‌කිරීමේ චෝදනාව මත කපුවා අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
 
 කුරුණෑගල පොලිස්‌ බල ප්‍රදේශයේ කුඩාගල්ගමුව අපලේවත්ත ග්‍රාමයේ නිවසක පවත්වාගෙන යන දේවාලයක තිදරු පියකු වන කපුවා දරුඵල නොමැති කාන්තාවන්ට කළුකුමාර දොaෂය තිබෙන බව පවසා දේවාලය තුළදීම මෙසේ ලිංගික අපයෝජනයට ලක්‌කළ බවට තොරතුරු අනාවරණය වේ.
 
 විවාහක දරුඵල නොමැති දියණිය සමග පාසල් යන (අවු 14) දියණිය ද මෙදින රැගෙන ගියේ ඇයට තනිකම් දොaෂයක්‌ තිබෙන බව කපුවා පැවසූ බැවින් ඇගේ තනිකම් දොaෂය ඉවත් කිරීමට යෑයි ද ඇයට ද ලිංගික අතවරයක්‌ කිරීමට කපුවා සැලසුම් කර ඇතත් එය නිෂ්ඵල වී ඇත.
 
 මව සහ දියණිවරුන් දෙදෙනා කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ල මත පොලිස්‌ අත්අඩංගුවට ගත් සැකකරු කුරුණෑගල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් සම්පත් හේවාවසම් මහතාගේ නියෝග මත මෙම මස 08 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී.
 
 කුරුණෑගල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ක්‍රිෂාන්ත ජයවර්ධන මහතාගේ සහ කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කපිල අධිකාරි මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ වැඩබලන ස්‌ථානාධිපති උ. පො. ප. වර්ණසූරිය, උ. පො. ප. පොල්ගම්පොළ පො. සැ. (25269) ජයකොඩි ඇතුළු පොලිස්‌ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගත් අතර කා. පො. සැ. (5720) ගයානි, පොලිස්‌ නිලධාරිනිය විසින් සැකකාර කපුවා අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
  

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles