Divaina - එජාප තහනමට එරෙහිව රන්ජන් උසාවි යයි... කෝටියක වන්දියකුත් ඉල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 ඒ. ජේ. ඒ. අබේනායක
 
ran139 කිසිදු විනය පරීක්‍ෂණයක් නොපවත්වා තමන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් 2020 ජුලි 27 වැනිදා තීරණයක් ගෙන ඇති බවත් එය කි‍්‍රයාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ (31 දා* කොළඹ දිසා අධිකරණයට පැමිණිල්ලක් ගොනු කළේය.
 
 සිය පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙන තුරු සිය පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හා තමන් පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ තීරණය කි‍්‍රයාත්මක කිරීම එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය නායක රවි කරුණානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් යන වගඋත්තරකරුවන්, ඔවුන්ගේ නියෝජිතයන් හෝ සේවකයන් වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.
 
 2020 ජුලි 27 වැනිදා තමන් පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නිසා සිදුවූ හානියට
 
 වගඋත්තරකරුවන්ගෙන් රුපියල් කෝටියක වන්දියක් අයකර දෙන ලෙසට ද රන්ජන් රාමනායක මහතා නීතිඥ තුසිත ගුණසේකර මහතා
 
 මගින් ගොනුකර තිබූ එම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles