Divaina - පුංචි අම්මාගේ උණුවතුර ප‍්‍රහාරයෙන් මාස අටේ බිළිඳාට හා මවට බරපතළයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි - ගාල්ල
 
 පුංචි අම්මා විසින් නටමින් තිබූ උණුවතුර භාජනයකින් පහරදීම නිසා මාස අටක බිළිදෙකු හා එම බිළිදාගේ මව බරපතළ පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බැව් පොද්දල පොලිසිය පවසයි.
 
 බිළිදා බරපතළ පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි. පොද්දල පොලිස් බල ප‍්‍රදේශයට අයත් මැහිමුල්ල ප‍්‍රදේශයේ නිවසක් තුළදී ඊයේ (14 දා* පස්වරුවේ දී මෙය සිදුවී ඇත. මෙකී නිවසේ බිළිදාගේ මව පියා සහ ඔවුන්ගේ පුංචි අම්මා මව්පියන් පදිංචිව සිටිති. පුංචි අම්මා විසින් තේ උණුකරමින් සිටියදී ඇතිවූ සිද්ධියක් හේතුවෙන් ඇය නටමින් තිබූ උණවතුර බිළිදාගේ ඇඟට විසිකොට ඇති අතර ඒ සමග මව බිළිදා බදාගෙන තිබේ. මේ නිසා බිළිඳාගේ මවද පිළිස්සුම් තුවාල ලබා ඇත. මෙකී සිද්ධියට සම්බන්ද 17 හැවිරිදි පුංචි අම්මා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (15 දා* අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. පොද්දල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. එච්. එස්. පාලිත, පො. සැ. (28740* නිමල්, පො. කො. (70754* සුනෙත් යන නිලධාරින් විසින් සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබීය.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles