Divaina - දියණිය බලා ගැනීමට ගෙනා බාල වයස්කාර දැරිය දූෂණය කළ අයට සිරදඬුවම්... අවුරුදු 14දී දැරියට දරුවෙක්...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

රත්නපුර විශේෂ - තිලකසිරි දෑල බණ්ඩාර
 
 
court3135වයස අවුරුදු 3 1/2 ක වයසැති බිලිඳියක  රැකබලා ගැනීම පිණිස නිවසට කැඳවාගෙන ආ 13 හැවිරිදි ඥාති පාසල් දැරියක් බියගන්වා දූෂණය කළ පුද්ගලයකු චෝදනාවට වරද පිළිගැනීමෙන් පසු ඔහුට අවුරුදු 15 ක සිරදඬුවමක් රුපියල් 25,000 ක දඩයක් සහ වින්දිත දැරියට ගෙවීමට ලක්‍ෂ 5ක වන්දියක් රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියම කළේය. රත්නපුර අයකුට දඬුවම් නියම විය.
 
 2013 ජනවාරි මස 01 වැනිදා සහ එම දෙසැම්බර් මස 04 වැනි දින අතර කාලයේදී ලෙල්ලූපිටියේදී බාලවයස්කාර දැරියකට ස්ත‍්‍රී දූෂණය සිදු කළේ යැයි නීතිපතිවරයා රත්නපුර මහාධිකරණය හමුවේ වූ නඩුවේදී විත්තිකරු අධිචෝදනා ලැබ සිටියේය. කෙසේ වුව ද විත්තිකරු නඩු විභාගයකට මුහුණ දුන් මුල් අවස්ථාවේම චෝදනාවට වරද පිළිගන්නා බව පවසන ලදුව විනිසුරුවරයා ඔහු වරදකරු බවට තීන්දු කළේය.
 
 විත්තිකරුට දඬුවම් නියම කිරීමට පෙර ඔහු වෙනුවෙන් යමක් පැවසීමට නීතිඥවරයාට අධිකරණයෙන්  අවස්ථාව ලබාදුන්නේය. උතුමාණෙනි, මෙම විත්තිකරු එතරම් උගත් අයකු නොවේ. ඒ කාලයේ ඔහුට වයස 33 යි, විවාහකයි.
 
 විවාහයෙන් ඔහුට අවුරුදු 3 1/2 ක දැරියක් සිටි අතර බිරිඳ තවත් දරුවක ලැබීමට ගර්භණීව සිටියා. මේ සිද්ධිය වුණේ ඔය අතර කාලයේ. ඔහුගේ හැඟීම් උත්සන්න වූ  අවස්ථාවකයි. තවමත් ඔහුගේ වයස 40 යි. ජීවත්වෙන්නේ කුලී වැඩ කිරීමෙනුයි. ඔහු අධිකරණයේ කාලය ඉතුරු කරමින් වරද පිළිගත්තා. ඔහුට දිය හැකි ලිහිල්ම දඬුවමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.
 
 පසුව පැමිණිල්ලේ අධිනීතිඥ සමදරි පියසේන මහත්මිය අධිකරණයට කරුණු සඳහන් කරමින් විත්තිකරු තම දරුවා බලාගැනීම සඳහා ගෙන්වා ගත් දැරිය තම නැන්දම්මාගේ මල්ලිගේ දියණියක බවත් ගෙදරට ගියාට පසුව කිසිවකුට කිව්වොත් මරාදමන බවට තර්ජනය කර ඔහු දැරිය ¥ෂණය කර ඇති බවත් පැවසුවාය. 13 හැවිරිදි වියේ සිටි දැරිය එකී තර්ජනවලින් බේරීම සඳහා සිද්ධිය හෙළිදරව් නොකර සිටියදී ඇය ගර්භණීභාවයට පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇයට කිසිදු වැටහීමක්.
 
 අවබෝධයක් නොතිබීම නිසා තමාගේ බඩ දඟලන බව මවට පවසා ඇති අතර කරුණු සොයා බැලීමේදී 13 හැවිරිදි දැරිය සති 32 ක ගැබිණියක් බව හෙළි වී ඇති බවත් දැරිය වයස 14 දී පිරිමි දරුවකු බිහිකළ බව ද රජයේ අධිනීතිඥවරිය පැවසුවා. වින්දිත දැරිය බිහිකළ දරුවාගේ ජීව විiාත්මක පියා විත්තිකරු බවට ඞී. එන්. ඒ. පරීක්‍ෂණ වාර්තාවෙන් සනාථ වූ බව රජයේ අධිනීතිඥවරිය පැවසුවාය.
 
 සියලූ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට ඔහුගේ බිරිඳ දරුවකු ලැබීම සඳහා ගර්භණීව සිටියදී හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වූයේ කවර ආකාරයෙන්ද? එමෙන්ම ඔහුට ඔහුගේ හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වූයේ යැයි කියා ඔහුගේ පහත් ආශාව ඉටුකර ගැනීමට ඔහුගේම දරුවා රැුකබලා ගැනීමට පැමිණි 13 හැවිරිදි දැරිය උපයෝගී කර ගැනීම ශිෂ්ට සමාජය කිසිසේත්ම අනුමත නොකරන ක‍්‍රියාවක් බව සඳහන් කළ අතර කෙසේ වුව ද වරදේ බරපතළ බව සලකා බලා ලබාදිය හැකි උපරිම සිරදඬුවම ලබානොදී ඔහුට ලිහිල් ලෙස දඬුවම් නියම කරන බව පැවසුවේය.
 
 නීතිඥ සාගර මෛත‍්‍රී මහතා විත්තිකරු වෙනුවෙන් ද රජයේ අධිනීතිඥ සමදරි පියසේන මහත්මිය රජය වෙනුවෙන් ද පෙනී සිටියහ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles