Divaina - ජනාධිපතිවරයා තමන්ව වාහනයෙන් බැස්‌සුවැයි... පරාජය නියත ඇතැමුන් මට එරෙහිව මඩ ප‍්‍රචාර අරඹලා!

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 හලාවත විශේෂ  - පී. සී. හෙට්ටිආරච්චි

sanatsපුත්තලමේ පැවති පොදුජන පෙරමුණ ජන රැුළි මාලාවක් ඇමතීම සඳහා පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැමිණි අතර එම

රැස්වීම්වලට සහභාගි වීමේදී ජනාධිපතිවරයා විසින් තමන්ව වාහනයෙන් බැස්ස වූ බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලවලින් මේ දිනවල තමන්ට එරෙහිව සිදුකරන මඩ ප‍්‍රචාරය දැඩිව ප‍්‍රතික්‍ෂේප කරන බව පුත්තලම දිස්ති‍්‍රක් පොදුජන පෙරමුණ නායක හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ‘දිවයින’ට පැවසීය.

පරාජයෙන් වියරු වැටී සිටින තම පක්‍ෂයේම කිහිපදෙනකු විසින් තමන්ට එරෙහිව මෙම මඩ ප‍්‍රචාරය මෙහෙයවන බවත් ජයග‍්‍රහණයේදී මෙන්ම පරාජයේදීත් රාජපක්‍ෂවරු සමග සිටි දිස්ති‍්‍රක්කයේ එකම මන්තී‍්‍රවරයා තමන් නිසා දිස්ති‍්‍රක්කයේ සියලූම පොහොට්ටු සාමාජිකයන් සිටින්නේ තමා සමග නිසා ඇතැමුන් දැන් බියට පත්වී ඇති බවත් එම නිසා තමාට එරෙහිව මෙලෙස විවිධ අභූත චෝදනා එල්ල කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

ජනපතිගේ පුත්තලම චාරිකාවේ සියලූම කටයුතු සිදුවූයේ තමාගේ මූලිකත්වයෙන් බව පැවසූ ඒ මහතා ජනාධිපති පුද්ගලික ලේකම් සුගීස්වර බණ්ඩාර සහ සම්බන්ධීකාරක ශී‍්‍රනාත් සහ ආරක්‍ෂක අංශ ප‍්‍රධානීන් සමග දිස්ති‍්‍රක්කයේ රැුස්වීම් පිළිබඳ සියලූ සාකච්ඡුා පවත්වා එම රැුළි සාර්ථක කර ගැනීම සඳහා සියලූ කටයුතු සම්බන්ධීකරණය කළේ ද තම මූලිකත්වයෙන් බවද සනත් නිශාන්ත මහතා පැවසීය.

මෙම සාකච්ඡුාව සඳහා දිස්ති‍්‍රක්කයේ අපේක්‍ෂකයන් දෙදෙනකු හැර අන් සියලූ දෙනා සහභාගි වූ බවද පැවසූ ඒ මහතා දිස්ති‍්‍රක්කයෙන් තමා ලබන විශිෂ්ට ජයග‍්‍රහණය දන්නා ඇතැමුන් මෙවැනි මඩ ප‍්‍රචාර දියත් කරමින් ජනතාව

රැුවටීමට උත්සාහ කළ ද ඒ සියල්ල ජනතාව දන්නා බවද පැවසූ හිටපු රාජ්‍ය ඇමැතිවරයා පරාජයේදී රාජපක්‍ෂවරුන් අතැර ගොස් ජයග‍්‍රහණයේදී යළි රාජපක්‍ෂවරුන් ළඟට පැමිණි අයට පොදුජන පෙරමුණ ඡුන්දදායකයන් මෙවර මැතිවරණයේදී නිසි පාඩම් කියා දෙනු ඇතැයි ද පැවසීය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles