Divaina - අම්පාරෙන් කරුණා අම්මාන් නැඟී සිටීම මුස්ලිම් මූලධර්මවාදීන්ට වහකදුරු වගේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

- නැගෙනහිර ද්‍රවිඩ සන්ධානයේ නායක තම්බියප්පා ගෝපාල කි‍්‍රෂ්ණන්

- දිගාමඩුල්ල දිස්ති‍්‍රක්කයේ කරුණා අම්මාන්ව පරාජය කිරීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයට දේශීය හා විදේශීය මුස්ලිම් මූලධර්මවාදීන් විසින් විශාල මුදල් ප‍්‍රමාණයක් ලබාදී ඇති බව නැගෙනහිර ද්‍රවිඩ සන්ධානයේ නායක තම්බියප්පා ගෝපාල කි‍්‍රෂ්ණන් මහතා පැවසීය.

අම්පාර දිස්ති‍්‍රක්කයේ සමස්ත ලංකා ද්‍රවිඩ මහා සභාවේ නැව ලාංඡුනයෙන් තරග වදින විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට පක්‍ෂව කාරතීව් ප‍්‍රදේශයේ රැුස්වීමකට සහභාගි වෙමින් ඒ මහතා එසේ පැවසීය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්,

අම්පාර දිස්ති‍්‍රක් ද්‍රවිඩ ජනතාවගේ නායකයකු ලෙස කරුණා අම්මාන් නැඟීසිටීම මුස්ලිම් මූලධර්මවාදීන්ට වහකදුරු වගේ. ඔවුන්ට පක්‍ෂව, අනුග‍්‍රහය දක්වන කිසිවක් කතා නොකරන අයවලූන්මයි ඔවුන් මෙම දිස්ති‍්‍රක්කයේ ද්‍රවිඩ ජාතීන්ගේ නායකත්වයට සුදුසු බව හිතන්නේ. එයට සුදුසු පක්‍ෂය ද්‍රවිඩ ජාතික සන්ධානය බවට ඔවුන් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කරුණා අම්මාන්ව පරාජය කිරීමට මෙහිදී ද්‍රවිඩ ජාතික සන්ධාන අපේක්‍ෂකයන්ට මුස්ලිම් මූලධර්මවාදීන් විසින් මුදල් ලබාදී තිබෙනවා.

කල්මුණේ - ආර්. ශී‍්‍රවේල්රාජා
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles