කාන්තාවක් පැදවූ ත්රිරෝද රථයක් ඊයේ (12 දා) සවස වේයන්ගොඩ කොට්ටල ප්රදේශයේදී පෙරළී යෑමෙන් පැදවූ කාන්තාව ඇතුළු තිදෙනකු මිය ගොස් ඇති අතර එහි ගමන් කළ තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ පැදවූ කාන්තාව, ඇගේ වයස අවුරුදු එක හමාරක සහ නවය වයසැති දරු දෙදෙනා බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
කොට්ටල ප්රදේශයේ දී වාහනය පෙරළෙද්දී එහි පස්දෙනකු ගමන් කර ඇත. පැදවූ කාන්තාව සහ දරු දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇත.
රෝහල්ගත කර ඇති දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව පොලිසිය කියයි.
වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයතිලක මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ සහ නෙවිල් පතිරණ