Divaina - පිටිපන පාතාල අවි ගබඩාවට අයත් තවත් ගිනිඅවි දෙකක් කොස්තාපල්ගේ ගෙදර

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p3 1හෝමාගම උතුර පිටිපන ප‍්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් සිව්මහල් ගොඩනැගිල්ලක තිබී පසුගිය 29 වැනිදා සොයාගත් අවි ගබඩාවට අයත් තවත් ටී පනස්හය ගිනි අවි දෙකක් හා උණ්ඩ 750 ක් හෝමාගම, උතුර පිටිපන ප‍්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවසක තිබී පෙරේදා (11 වැනිදා) සොයාගත් බව පොලිසිය පවසයි.

ඒ අනුව ගිනි අවි දෙක ළ`ග තබාගත් සැකකාර පොලිස් කොස්තාපල් රියැදුරු අත්අඩංගුවට ගෙන තිබුණේ රහස් පොලිසිය මගිනි.

හෝමාගම, පිටිපන ප‍්‍රදේශයේ සිව්මහල්  ගොඩනැගිල්ලක ස`ගවා තිබියදී පසුගිය 29 වැනිදා ටී පනස් හය වර්ගයේ ගිනි අවි 11 ක් සහ ටී 81 වර්ගයේ ගිනි අවියක් සම`ග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුව හෝමාගම, පිටිපන, සිල්වත් හර්ට්ස් වත්තේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයාගේ අනියම් බිරිඳ බව කියන තැනැත්තියකගේ නිවසක රහස් කුටියක ස`ගවා තිබියදී තවත් පුපුරණ ද්‍රව්‍ය හා ආයුධ තොගයක් හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් සොයාගෙන තිබිණි.

එසේ අත්අඩංගුවට ගත් සැකකරු කෝටිපති ව්‍යාපාරිකයාගේ මිතුරකු වන අතර පොලිස් භාරයට ගත් ගිනි අවි පිටිපන අවි ගබඩාවට අයත් ඒවා බව හෙළිවිනැයි පොලිසිය කියයි.

එම ගිනි අවිත් සම`ග අත්අඩංගුවට ගත් නිවසේ හිමිකරු පොලිස් කොස්තාපල් රියදුරකුද වන අතර ඔහුගෙන් තවදුරටත් රහස් පොලිසිය ප‍්‍රශ්න කරගෙන යති.

ඔහුගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීමේදී කිරිවත්තුඩුව ප‍්‍රදේශයේ ඇළ මාර්ගයක සොරොව්ව යට ස`ගවා තිබූ සජීවී උණ්ඩ 750 ක් රහස් පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ජයසිරි කාරියවසම් - හෝමාගම
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles