- කතරගම පාද යාත්‍රාවේ යෑම සඳහා බැතිමත්හු පානමට පැමිණෙමින් සිටිති.
- ඔවුන් යාපනය වැල්වැටිතුරේ, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කාර්තිවු යන ප්‍රදේශවලින් පැමිණ ඇත. මේ වන විට ඔවුහු පානම ප්‍රධාන ගණදෙවි කෝවිලේ රැුඳී සිටිති. ඉදිරි දිනවල තවත් පිරිසක් පැමිණීමට නියමිත බව ද ඔවුහු පැවසූහ. කොරෝනා වෛරසය නිසා ඔකඳ වනජීවී පිවිසුම් දොරටුව වසා ඇති නිසා පාද යාත්‍රාව යන්නේ කෙසේදැයි විමසූ විට ඔවුන් පැවසුවේ කෙසේ හෝ යන බවය. ඒ සඳහා දෙවියන් ඔවුන්ට උදව් කරනු ඇති බවත් ඔවුහු කීහ.
මේ සම්බන්ධව අදහස් දැක්වූ එම පිරිස අතර සිටි සින්න තමිබි මගාලිංගම් මහතා මෙසේ ප්‍රකාශ කළේය. මම යාපනයේ ඉඳන් දින 31 ක් පයින් ආවා. පානමට මමත් සමග
6 දෙනෙක් ආවා. තවත් පිරිසක් මග එනවා. අපට වනජීවී එක යන්න දුන්නේ නැත්නම් අපි ගේට්ටුව ළඟ ඉඳ ගන්නවා. ඒ වගේම කතරගම දක්වා යන්න අපි අතුරු මාර්ග දන්නවා. අපේ අරමුණ පාද යාත්‍රාව යන්නයි. අපි මේ වන විට ආහාර ගන්නේ නෑ. වනජීවී එකෙන් පාර අරින දවසට තමා අපි ආහාර ගන්නේ.
මෙහි පැමිණ සිටි බොහෝ දෙනා හඬා වැටෙමින් ඉල්ලා සිටියේ කෙසේ හෝ දෙවියන් වැඳීමට කතරගම යෑමට අවස්ථාව සලසා දෙන ලෙසය.
මේ සම්බන්ධව පානම කුමණ වනජීවි පිවිසුම් දොරටුවේ උද්‍යාන භාරකරු ආර්. ඒ. ඞී. ඞී. සමරනායක මහතා මෙසේ ප්‍රකාශ කළේය. කොරෝනා වෛරසයෙන් බේරාගත් මේ රට නැවත ඒ තත්ත්වයට ඇද දාන්න බෑ. ජනාධිපති කාර්ය සාධක බළකායෙන් නැවත දැනුම් දෙන තුරු අපි මාර්ගය විවෘත කරන්නෙ නෑ.
පානම - දිනේෂ් චන්ද්‍රපාල