Divaina - පැන්ෂන් එක ගෙවන්න ආ ලක්ෂ 48ක සල්ලි අතරේ ලක්ෂයක කඩදාසි කොළ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p18 2- නිල්ලඹ උප තැපෑලෙන් ගලහ පොලිසියට පැමිණිල්ලක්

- ගම්පොල නිල්ලඹ උප තැපැල් කාර්යාලය මගින් ගෙවීමට නියමිත විශ‍්‍රාම වැටුප් දීමනාව සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් පේරාදෙණිය තැපැල් කාර්යාලය හරහා එවා තිබූ රුපියල් එක්ලක්‍ෂ හතළිස්දහසක මුදල් පාර්සලයේ ලක්‍ෂයක් වූ බණ්ඩලය තුළ මුදල් වෙනුවට කපා සකස් කරන ලද කඩදාසි මිටියක් තිබිණැයි ගලහ පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.

නිල්ලඹ තැපැල් ස්ථානාධිපතිනි සේපාලිකා මංගලී සේනාරත්න මහත්මිය විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

එම පැමිණිල්ල අනුව තැපැල් දෙපාර්තමේන්තුව සතු වෑන් රථයකින් ලියුම් පාර්සල් එවන ආකාරයට මෙම මුදල් බෑගය ද ගෙනවිත් දී එය ලබාගත් බවට අත්සන ගත් බවත් පසුව විශ‍්‍රාම වැටුප් ගෙවීමට සූදානම්ව එම තැපැල් මල්ල ලිහා බැලීමේදී මුදලින් රුපියල් හතළිස්දහසක් හා ඉතිරි ලක්‍ෂය සඳහා සකස් කරන ලද කොළ බණ්ඩලය තිබූ බව සඳහන්ය.

ඒ අනුව ස්ථානාධිපතිනිය වහාම මේ බව තැපැල් දෙපාර්තමේන්තුවට දන්වා මෙසේ පොලිස් පැමිණිල්ලේ සටහන් කොට ඇත.

මේ සිද්ධිය සමඟ 10 වැනි සිකුරාදා දින විශ‍්‍රාම වැටුප් ගැනීමට පැමිණ සිටි අය හට විශ‍්‍රාම වැටුප් ගෙවීමට නොහැකි වූ බව ද ඇය පොලිසිය හමුවේ ප‍්‍රකාශ කොට ඇත.

ගම්පොල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ‍්‍රියන්ත පීරිස්, ස. පො. අ. ඕ. පී. අමරබන්දු යන නිලධාරීන්ගේ උපදෙස් මත ගලහ පොලිස් ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. ලලිත් මහගෙදර මහතා මේ පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කොට ඇත.

ගම්පොළ - සුරංග දිල්හාන්

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles