- වටිනාකම රුපියල් කෝටියක්
- යාපනයේ නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති කේරළ ගංජා ප්‍රභේදයට අයත් නව මත්ද්‍රව්‍ය කිලෝ 53 ක් පෙරේදා (11 දා) අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය ඩිංගි යාත්‍රාවකින් වෙරළ දෙසට ප්‍රවාහනය කොට ඇති අතර නිලධාරීන් පැමිණෙන අවස්ථාවේදී සැකකරුවන් මත්ද්‍රව්‍ය සමග ඩිංගි යාත්‍රාවද අතහැර දමා පලාගොස් තිබේ. නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික මුර යාත්‍රා වෙත්තලකේණි, උඩුත්තුරෙයි මුහුදු ප්‍රදේශයේ විශේෂ මුර සංචාරයක් සිදුකර ඇත.
මෙම මෙහෙයුම අතරතුරදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් උඩුත්තුරෙයි වේම්බඩි වෙරළ තීරයේ දමා පලා යන ආකාරය නිරීක්ෂණය කරන ලද අතර පසුව සිදුකළ සෝදිසි කිරීමේදී යාත්‍රාව තුළ තිබී ගෝනි කවර දෙකක් තුළ පාර්සල් 13 ක අසුරා තිබූ කේරළ ගංජා තොගයක් සොයා ගන්නා ලදී. සැකකරුවන් සොයා නාවික හමුදාව සහ යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙහෙයුම් සිදු කරන ලබයි.
එසේම නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම මත්ද්‍රව්‍ය තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් උපකරණ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාර දීමට කටයුතු කොට තිබේ.
දිනසේන රතුගමගේ