- සහාය දුන් දෙදෙනාත් අල්ලයි
දිවයිනේ වෙසෙන ධනවත් සුපිරි මත්ලෝලීන්ට සහ නයිට් ක්ලබ්වල අලෙවි කිරීම සඳහා රුපියල් කෝටියක් පමණ වටිනා මිල අධික විශේෂ මත්පෙති 5716 ක් ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාවට ගුවනින් ආනයනය කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් මෙහෙය වූ බව කියන මුස්ලිම් කෝටිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ ඊට සහාය ලබා දුන් සහායකයන් දෙදෙනා ජූලි මස 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා පෙරේදා (11 දා) නියෝග කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උ. පො. ප. ආර්. සමන්ලතා මහත්මිය විසින් වැඩබලන කේ. ජී. ගුණදාස මහතා හමුවට පැමිණ වූ සැකකරුවන් වූයේ කොළඹ 12 මිරානියා වීදිය, කොළඹ 10 හිජ්රා මාවත සහ එෙඬ්රමුල්ල පැරකුම් මාවතේ පදිංචිකරුවන් වන මොහොමඞ් ෆාරුක් මොහොමඞ් ෆර්ෂාන්, මොහිදීන් ෆයිරුස් සෙයිනුල් උසන්ඊ සහ අක්බාර් මොහොමඞ් මෆාස් නමැත්තන්ය.
මෙහිදී පැමිණිල්ලෙන් ඉදිරිපත් වූ කරුණු අනුව කොළඹ 12 මිරානියා වීදියේ පදිංචි මෙහි පළමු සැකකරුවන මොහොමඞ් ෆාරුක් නමැති ව්‍යාපාරිකයා ප්‍රංශයේ සිට ගුවන් මගින් (එයාර් කාගෝ මගින්) අදාළ මත්පෙති තොගය ජූලි 10 දා ශී‍්‍ර ලංකාවට ආනයනය කර ඇත. එම මත්පෙති තොගයේ බර ග්‍රෑම් 2655 කි. මෙම සැකකටයුතු පාර්සලය පිළිබඳ රේගුව මගින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට දැනුම් දී ඇත.
මෙය ශ්‍රී ලංකාවට ආනයනය කළ (ගෙන්වූ) කාගෝ පුද්ගලික ආයතනය සීදුව ප්‍රදේශයේ පිහිටා ඇත. එම මත්ද්‍රව්‍ය පාර්සලය රැුගෙන යෑමට අදාළ ආයතනයට පැමිණි සැකකරුවන් රේගුවේ අධීක්ෂණය යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් අනතුරුව සිදුකළ විමර්ශනයේදී ඒවා විශේෂ මිල අධික මත්පෙති තොගයක් බවත් හෙළිදරව් වී ඇත. මෙම මත්පෙති දිවයිනේ ධනවත් සුපිරි මත්ලෝලීන්ට අලෙවි කිරීමට ආනයනය කර ඇති බවත්, සැකකරුවන් මේ අන්දමින් මත්පෙති තොග වශයෙන් අවස්ථා ගණනාවක ආනයනය කර ඇති බවත් හෙළිදරව් වී ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැමිණිල්ල මෙහෙය විය. වැඩිදුර විභාගය ජූලි මස 21 වැනි දින පැවැත්වේ.
මීගමුව සමූහ - විමල් කීර්ති