Divaina - වරුණගම අනතුරින් තිදෙනෙක් මරුට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

acc222
 
 වැල්ලවාය - දඹේගොඩ ජිනදාස, හම්බෙගමුව - බණ්ඩාර, බඩල්කුඹුර - රවිඳු ගුණතිලක
 
 වැල්ලවාය - මොනරාගල මාර්ගයේ වරුණගම යුද හමුදා කඳවුර ඉදිරිපිට සිදුවූ මාරක රිය අනතුරින් පුද්ගලයන් තිදෙනකු මියගොස් ති‍්‍රරෝද රථ රියැදුරාත් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
 
 මෙම අනතුරින් මියගොස් ඇත්තේ වැල්ලවාය, ආනපල්ලම, 5 කණුව ලිපිනයේ පදිංචි යූ. පී. මාලනි ද සිල්වා නැමති 72 හැවිරිදි කාන්තාවක්, යූ. පී. පි‍්‍රයන්ත ද සිල්වා නැමති 37 හැවිරිදි එක් දරු පියකු හා දෙදරු පියකු වන පී. කේ. රුවන් පි‍්‍රයදර්ශන නමැති 41 හැවිරිදි අයෙකි.
 
 වැල්ලවාය සිට පැමිණි ලොරි රථයකට ‘වෙට්ටුවක්’ දැමීමට යෑමේදී මෙවුන් පැමිණි ති‍්‍රරෝද රථය පෙරළි ලොරියේ ඉදිරිපස ගැටී ඇතැයි පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

acc555
 
 ති‍්‍රරෝද රථයේ රියැදුරු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මොනරාගල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
 
 ලොරි රථයේ රියැදුරු වැල්ලවාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
 
 වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එම්. රත්නායක මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික විදානගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලිස් සැරයන් තරංග (4405*, පොලිස් කොස්තාපල් උදයකුමාර, (67817* යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles