Divaina - වෙන්නප්පුවේ මූල්‍ය ආයතනයේ සේප්පුව කඩා ලක්ෂ තිහක් වටිනා රන් භාණ්ඩ, මුදල් සොරාගත් සැකකරුවෝ අධිකරණයට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

lak555
 
 සඳලංකාව - ධම්මික රාජපක්ෂ
 
 ඉකුත් 2019 වසරේ වෙන්නප්පුව පිහිටි මූල්‍ය ආයතනයක සේප්පුව කඩා සොරා ගන්නා ලද රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා රන් භාණ්ඩ, මුදල් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනකු ඊයේ (10දා* මාරවිල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව වෙන්නප්පුව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බලංගොඩල වැලිමඩ සහ මාවනැල්ල ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවත් මෙහි ප‍්‍රධාන සැකකරු මේ වන විට වෙනත් අපරාධයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් පොලිසිය පවසයි.
 
 රක්ෂිත බණ්ධනාගාරගතව සිටින මෙහි ප‍්‍රධාන සැකකරු දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ප‍්‍රධාන මූල්‍ය ආයතන රැුසක මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීම් ඇතුළු නඩු 13 ක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අයකු බවත් ඔහු කලක් යුද හමුදාවේ සේවය කර ඉන් ඉවත් වූ අයකු බවත් පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.
 
 දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින ප‍්‍රධාන සැකකරුගෙන් ලද තොරතුරුවලට අනුව වෙන්නප්පුව මූල්‍ය ආයතනයේ සේප්පුවෙන් සොරාගන්නා ලද රන් භාණ්ඩවලින් කොටසක් උණු කර මාවනැල්ල ප‍්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කර තිබියදී සොයා ගෙන ඇත. තවත් කොටසක් දිවයිනේ ප‍්‍රදේශ රැුසක බැංකු සහ රන් භාණ්ඩ උකසට ගන්නා ස්ථානවලට උකස් කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය කර ගෙන ඇත. කුරුණෑගල බක්මීවැව ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ප‍්‍රධාන සැකකරු මෙම මූල්‍ය ආයතනයට රාත‍්‍රී කාලයේ ඇතුළු වී එහි තිබූ සේප්පුව විදුලිය උපයෝගි කර ගනිමින් ග‍්‍රිල් කටුවකින් සිදුරු කර සේප්පුවේ තැන්පත් කර තිබූ පවුම් 65 කට ආසන්න ප‍්‍රමාණයක් සොරාගෙන ඇති බවත් ඒවා ඔහුගේ මිතුරකුගේ
 
 මාර්ගයෙන් අලෙවි කර ඇති බවත් පොලිසිය කියයි. පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් ප‍්‍රනාන්දු මහතාගේ උපදෙස් මත හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලීලවංශ සහ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගේ
 
 අධීක්ෂණය මත වෙන්නප්පුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ප‍්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රණුක වික‍්‍රමසිංහ, උප පොලිස් පරීක්ෂක සුදුසිංහ, පොලිස් සැරයන්වරුන් වන (39024* රත්නායක, (55021* ආරියවංශ, (54923* ශාන්ත, පොලිස් කොස්තාපල් (9387* ජයරත්න යන නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සඳහා සහභාගි වූහ.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles