Divaina - මුඛ ආවරණ නැතුව බස්‌ නැවතුමට පැමිණි විදේශිකයාට වීසාත් නෑ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

අහංගම - සුගතපාල දීයගහගේ
 
 මුඛ ආවරණයක්‌ පැළඳීමකින් තොරව ගාල්ල බස්‌ නැවතුම්පොළට ඇතුළු වූ විදේශිකයකු පරීක්‌ෂා කිරීමේදී ඔහු වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටින අයකු බවට අනාවරණය වීමෙන් පසු ගාල්ල බස්‌ නැවතුම්පොළ පොලිස්‌ මුරපොළේ ස්‌ථානාධිපති සැරයන් විමල් ජයසේකර (10412) මහතා සහ සැරයන් කල්‍යයාණි (1187) මහත්මිය විසින් පෙරේදා (09දා) සවස අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසිය වෙත බාර දෙන ලදී.
 
 මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතිකයෙකි.
 
 ඔහු මුඛ ආවරණයක්‌ නොපැළඳ බස්‌ නැවතුම්පොළට ඇතුළු වූ අවස්‌ථාවේ පොලිස්‌ නිලධාරියා ඒ පිළිබඳ දැනුවත් කිරීමට ඔහුගෙන් තොරතුරු විමසිමේදී අනාවරණයවී ඇත්තේ ඔහු වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටින අයකු බවය. වැඩිදුරටත් කරුණු විමසා ඔහු වීසා නොමැති අයකු බවට තහවුරු කර ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගාල්ල පොලිසිය වෙත භාර දෙන ලදී.
 
 පොලිසිය පැවසුවේ පි.සී.ආර්. පරීක්‌ෂණයක්‌ සඳහා ඔහු හෙට කරාපිටිය රෝහල වෙත යොමු කරන බවය.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles