Divaina - නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සම්බාහනයේ යෙදුණු කාන්තාවන් විසිහය දෙනකුට දැඩි කොන්දේසි මත ඇප

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 මීගමුව සමූහ - විමල් කීර්ති
 
 කොවිඩ් වෛරසය ව්‍යාප්තවෙමින් පැවැති සමයේ නිරෝධාන පනත සහ පනවා තිබූ ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් සම්බාහන ආයතන (මසාඡ් ක්‌ලින්ක්‌) තුනක්‌ පවත්වාගෙන යැම සහ එහි සේවය කිරීම සම්බන්ධයෙන් තරුණ කාන්තාවන් 26 දෙනකු කොච්චිකඩේ පොලිසියේ ස්‌ථානාධිපති ශ්‍රීනික ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් අත්අඩංගුවට ගෙන ඇත.
 
 මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සමන් සිගේරා මහතාගේ උපදෙස්‌ මත මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් කතුන් 26 දෙනා අවුරුදු 16- 38 දක්‌වා වයස්‌වල පසුවේ. අත්අඩංගුවට ගත් කතුන් කුලියාපිටිය, කෑගල්ල, රඹුක්‌කන සහ මාලිගත්ත ප්‍රදේශවල ස්‌ථිර පදිංචිකාරියෝ වෙති.
 
 මෙම සම්බාහන ආයතන තුන කොච්චිකඩේ, පළඟතුරේ සහ දලුවකොටුව යන ප්‍රදේශවල පවත්වාගෙන ගොස්‌ ඇත. අත්අඩංගුවට ගත් කතුන් 26 දෙනා එම චෝදනාවන්ට නිවැරැදිකරුවන් බව ප්‍රකාශ කළෙන් එම සැකකාරියට දැඩි ඇප කොන්දේසි මත රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇප අධිකරණයෙන් නියම කෙරිණි. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සම්පත් කරුණාතිලක මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය සැප්තැම්බර් 26 වැනි දින පැවැත්වේ.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles