Divaina - ඉන්ධන නැවක සිටි පිලිපීන ජාතිකයා රෝගීව රෝහල්ගත කිරීමට ගාල්ල වරායට ගෙන එද්දී මියයයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි - ගාල්ල වැලිවිටිය දිවිතුර - උපුල් මහේෂ්
 
deaths1345එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට තායිවානය දක්වා ගමන් කරමින් තිබූ ඉන්ධන ප‍්‍රවාහන නෞකාවක සේවය කළ පිලිපීන ජාතිකයකු හදිසියේ අසනීප වී රෝහල්ගත කිරීම සඳහා ගාල්ල වරාය වෙත රැුගෙන එමින් සිටියදී (08දා* පස්වරුවේ මියගොස් ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි.
 
 මෙසේ මියගොස් ඇත්තේ 45 හැවිරිදි පිලිපීන ජාතික පුද්ගලයකු වන අතර ඔහු එම නෞකාවේ 2 වන නිලධාරියා ලෙස කටයුතු කර ඇත. අදාළ රෝගී පුද්ගලයා පිළිබඳව නැව් නියෝජිත ආයතනය හරහා ඉකුත් 7 දා පස්වරුවේ ගාල්ල වරාය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත දැනුම් දී ඇති අතර අදාළ නෞකාව 08 දා පස්වරුව වනවිට ගාල්ල වරාය ප‍්‍රදේශයට ආසන්න වීමට නියමිත බවත්, දැඩි රෝගී තත්ත්වයෙන් සිටින ඔහු රෝහල්ගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසත් ඉල්ලා ඇත.
 
 අනතුරුව ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විසින් නැව් නියෝජිත ආයතන හරහා රෝගී
 
 නාවිකයාගේ අසනීප තත්ත්වය පිළිබඳ ලබාගත් තොරතුරු වාර්තාවට අනුව ඒ වනවිටත් ඔහුගේ  රුධිරයේ සිනී මට්ටම ඉහළ අගයක පවතින බවත් සිහිමඳ තත්ත්වයෙන් අසාධ්‍යව සිටින අතර, උගුර ආශ‍්‍රිත යම් ආසාදන තත්ත්වයක් ඇති බවත් තවදුරටත් සනාථ කරගෙන ඇත.
 
 ඒ අනුව පෙරේදා පස්වරුවේ ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය නිලධාරියකු ටග් යාත‍්‍රාවකින් පිටත්ව ගොස් ඇති අතර ගාල්ල වරාය පරිශ‍්‍රයේ ගිලන් රථයක්ද මෙම පිලිපීන නාවික නිලධාරියා රෝහල්ගත කිරීම සඳහා සූදානම් කර තිබී ඇත. ඒ අනුව, නෞකාව වෙතින් අදාළ රෝගීයා ටග් යාත‍්‍රාවට ගෙන මූලික ප‍්‍රතිකාර ලබාදී ගොඩබිමට රැුගෙන එමින් සිටියදී ඔහු මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇතැයිද වාර්තා වේ.
 
 මේ වනවිට මියගිය පිලිපීන ජාතික නාවිකයාගේ දේහය කොවිඞ් 19 වසංගත නිති රීති අනුව පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමුකර ඇත.
 
 අදාළ රෝගී පුද්ගලයා රැගෙන ඒම සඳහා පිටත්ව ගිය ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරයා සහ ටග් යාත‍්‍රා කාර්ය මණ්ඩලයද සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කර ඇතිමුත් එම සියලූ දෙනා පී. සී. ආර්. පරීක්‍ෂණවලට ලක්කිරීමෙන් අනතුරුව දින 14 ක  කාලයක් නිරෝධායනය සඳහා යොමුකර ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles