Divaina - මම පොලොන්නරුවේ දේශපාලනය හොඳට හඳුනනවා: දෙවැනියාට රවුම් දෙකක ලීඞ් එකක් තියලා මම මැරතන් එක දිනනවා - හිටපු ජනපති මෛතී‍්‍ර දිඹුලාගලදී කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

maithri1‘‘පොලොන්නරුව දේශපාලන මැරතන් එක හො`දට හ`දුනන මම මේ තරගෙට එන්නේ හො`දට ප‍්‍රැක්ටිස් කරලා හො`ද පළපුරුද්දක් ඇතිවයි. මේ මැරතන් එකේදී දෙවැනියාට රවුම් දෙකක ලීඞ් එකක් තියලා දෙවැනියට කිට්ටු වෙන්න බැරි විදියට 07 මහත්තයා 7 වෙනිදාට ඉතිහාසගත ජයග‍්‍රහණයක් ලබනවා’’යැයි පොලොන්නරුව දිස්ත‍්‍රික් පොදුජන පෙරමුණේ අපේක්ෂක හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ ඉකුත් 07 වැනිදා දිඹුලාගල මුදුන්කඩවල ප‍්‍රචාරක රැස්වීමක් අමතමිනි. දිඹුලාගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීනි නිලන්ති කරුණාරත්න, මේනක බණ්ඩාර, සමන් කුමාර, භානු මුදන්නායක යන මහත්ම මහත්මීන් සංවිධානය කළ මෙම රැස්වීමේදී හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

‘‘පොලොන්නරුවේ දේශපාලන ක‍්‍රීඩාව කරන්න මම තරම් හො`දට දන්න කෙනෙක් නැහැ. මම ක‍්‍රීඩකයෝ රැසක් බිහි කර තිබුණාට මගෙත් එක්ක තරග කරන ඒ අයට කිසිම සුදුසුකමක් නැහැ. පොලොන්නරුව ජනතාවට කරලා තියෙන්නේ මොනවාද කියලා ඇහුවොත් කියන්න දෙයක් නැහැ. ඞී.එස්. සේනානයක අගමැතිතුමා මහවැව් ප‍්‍රතිසංස්කරණය කරලා නියඟය අවසන් කළාට පසුව පොලොන්නරුව ජනතාවට කුඹුරට වතුර ටික, මහා මාර්ග, ලෙඩ වෙන අයට හො`දම රෝහල, අධ්‍යාපන කාර්යාලය, රැුකියා ඉඩම් දුන්නේ මට බැණ බැණ යන මහත්තයා නොව මෛත‍්‍රීපාල සිරිසේන මහතා බව පොලොන්නරුව ජනතාවගේ හදවත්වල තියෙනවා.

වසර 30 කින් නිම කිරීමට තිබූ වික්ටෝරියා ජලාශය ගාමිණී දිසානායක මැතිතුමා වසර 07 කින් නිම කළා. 1989 මම පාර්ලිමේන්තුවට ගියාම මට හ`දුනාගන්න ලැබුණු ඉතාමත් හො`ද කෙනෙක් විදියට මම ගාමිණි දිසානායක මැතිතුමා හ`දුන්වා දෙනවා. ඒ වගේම මම කැලේට රිංගලා තොරතුරු රැුගෙන වසර 7 කින් කරන්න තිබූ මොරගහකන්ද ජලාශය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සම`ග මුල්ගල තියලා මගේ කාලය තුළදී වසර 04 කින් නිම කිරීමට හැකියාව ලැබුණා. ඒ නිසා අද ගොවිතැනට ජල හි`ගයක් ඇතිවෙන්නේ නැහැ. මොරගහකන්ද නිසා ත‍්‍රිකුණාමලයට වතුර දෙන්න හැකියාව ලැබිලා තියෙනවා. මොරගහකන්දේ වතුර බිංදුවක්වත් පොලොන්නරුවට ගන්නේ නැතිව සියලූම ජලාශ මගින් වතුර රැුගෙන පොලොන්නරුවෙ ජනතාවට කන්න තුනම ගොවිතැන් කරන්න පුළුවන් විදියට ආර්ථිකය හදා දෙනවා. දවල්ට, ?ට, කාලා විවේකීව පුටුවක වාඩිවෙලා කකුල හොල්ල හොල්ල ඉන්න ගමන් මෛත‍්‍රිපාල සිරිසේන පොලොන්නරුවට මොනවද කරලා තියෙන්නේ කියලා කල්පනා කරලා බලන ලෙස මම ජනතාවට ප‍්‍රකාශ කරනවා.

දිඹුලාගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීනි නිලන්ති කරුණාරත්න මේනක බණ්ඩාර, සමන්කුමාර, භානු මුදන්නායක, යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.

දෙහිඅත්තකණ්ඩිය රණතුංග - ප‍්‍රසන්න සිල්වා
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles