Divaina - රවි අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 ඒ. ජේ. ඒ. අබේනායක
 
 මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 51.98 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය..
 
 රවි කරුණානායක මහතා ඇතුළු 7 දෙනකු අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් පසුගිය මාර්තු 6 වැනිදා නිකුත් කළ වරෙන්තු නියෝගය කි‍්‍රයාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ (07 දා* අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
 
 රවි කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් ගොනු කර තිබූ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා හා නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමට ද අභියාචනාධිකරණය එහිදී නියෝග කළේය.
 
 එකී සැකකරුවන් හත්දෙනා ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙන තුරු බලපැවැත්වෙන පරිදි එකී අතුරු තහනම් නියෝගය නිකුත් කළ අභියාචනාධිකරණයේ සභාපති ඒ. එච්. එම්. ඞී. නවාස්, ශිරාන් ගුණරත්න හා සෝභිත රාජකරුණා යන විනිසුරු මඬුල්ල සිය නියෝගය එකී බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි විමර්ශනවලට කිසිදු බාධාවක් නොවිය යුතු බව ද පෙන්වා දුන්නේය.
 
 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවන කුමන අවස්ථාවකදී හෝ එය හමුවේ පෙනී සිට විමර්ශන සඳහා එකී සැකකරුවන් අවශ්‍ය ප‍්‍රකාශ ලබාදිය යුතු බව ද එහිදී සිය නියෝගය මගින් පෙන්වා දුන් විනිසුරු මඬුල්ල එකී නඩුව සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම පමණක් තම අධිකරණය වළක්වා ඇතැයි ද කියා සිටියේය.
 
 ඒ අනුව එම අභියාචනා පෙත්සම් ලබන අගෝස්තු 25 වැනිදා යළි කැඳවන ලෙසට ද එහිදී නියෝග කළ විනිසුරු මඬුල්ල ඊයේ සිට සති හයක කාලයක් ඇතුළත විරෝධතා ගොනු කරනා ලෙසටත් ඒ සම්බන්ධයෙන් ප‍්‍රති විරෝධතා ඇත්නම් ලබන සැප්තැම්බර් 29 වැනිදා තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙසටත් නියෝග කළේය.
 
 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් අනුව සාක්ෂි කැඳවීමක් සිදුකළ කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය එම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර තිබූ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහෙන්ද්‍රන්, පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, කසුන් ඕෂධි පළිසේන, චිත්ත රන්ජන් හුළුගල්ලේ, මුත්තුරාජා සුරේන්ද්‍රන්, අජාන් ගාර්දිය පුංචිහේවා, සංගරපිල්ලේ පදුමනාදන් හා බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර යන දස දෙනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කොට තිබිණි.
 
 ඔවුන් දස දෙනා අතරින් මුත්තුරාජා සුරේන්ද්‍රන්, අජාන් ගාර්දිය පුංචිහේවා හා ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් යන තිදෙනා හැර සෙසු සැකකරුවන් හත්දෙනා එකී වරෙන්තු නියෝගයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියාචනා ගොනු කර තිබිණි.
 
 එකී පෙත්සම් සලකා බැලීම අවසන් කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් නියෝගය ඊයේ නිකුත් කිරීමට පසුගිය 29 වැනිදා දින නියම කර තිබිණි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles