Divaina - පොලිසියේදී අම්මා ඉල්ලා දරුවන් හඬාවැටෙද්දී මව දරුවන් එපා කියයි... අවුරුදු 10 ට අඩු දරු තිදෙනාට නොසැලකූ මව අත්අඩංගුවට

luhundu19march

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මින්නේරිය - සුජිත් කරුණාතිලක


වයස අවුරුදු 10 ට අඩු දරුවන් තිදෙනකුට නොසලකා හැරීම පිළිබඳව සැකපිට දරුවන්ගේ මව වන 31 හැවිරිදි කාන්තාවක හා එයට අනුබල දුන් 30 හැවිරිදි ඇයගේ අනියම් සැමියා ඊයේ (07 දා* අත්අඩංගුවට ගන්නා ලදැයි මින්නේරිය පොලිසිය පවසයි.

අදාළ කාන්තාවගේ සැමියා මෙයට මාස 4 කට පෙර විදේශ රැකියාවකට ගොස් ඇති අතර කාන්තාව වෙනත් තැනැත්තකු සමඟ සම්බන්ධතාවක් ඇති කරගෙන ඇත. ඉකුත් ජුලි 01 වැනිදා දරුවන් තිදෙනා ති‍්‍රරෝද රථයක දමා පුරුෂයාගේ මවගේ නිවසට යවා කාන්තාව අනියම් සැමියා සමග පලා ගොස් ඇත.

පසුව පොලිසිය අදාළ යුවළ කැඳවා කරුණු පැහැදිලි කරදී ඇතත් කාන්තාව දරුවන් පරිවාස භාරයට පත් කරන ලෙසත් තමන්ට භාරගත නොහැකි බවත් තරයේ පවසා ඇත. දස හැවිරිදි හා හත් හැවිරිදි දියණියන් දෙදෙනා හා පස් හැවිරිදි පුතා පොලිසිය තුළ අම්මා ඉල්ලා හඬා වැටෙද්දී මව දරුවන් එපා කියා ඇත.

පසුව දරුවන්ට නොසලකා හැරීම යටතේ අදාළ කාන්තාව හා අනියම් පුරුෂයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.

මින්නේරිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දෙලංකාවලගේ, මින්නේරිය පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් සැරයන් කුමාරි (4479* කාන්තා පොලිස් කොස්තාපල් පියුමි (9500* යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.


 

 

kandos18

අද දිවයින

සිනමා කලා

agasthi250

නවලිය

iranganiserasinghe250

දියග

rovel250

මීවිත

mahesh250

More Articles