Divaina - මන්නාරමේ දේවස්ථානයකට ඇතුළු වූ අභිරහස් පුද්ගලයා යාපනයෙන් අල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 දිනසේන රතුගමගේ
 
 මන්නාරමේ පේසාලේ දේවස්ථානයකට රාත‍්‍රියේදී සැක කටයුතු ලෙස ඇතුලූ වූ පුද්ගලයා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගෙන එය මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන මෙන් යාපනය මහෙස්ත‍්‍රාත් පීටර් පෝල් මහතා පෙරේදා (6 දා* පොලිසියට නියෝග කොට තිබේ. මන්නාරම දේවස්ථානයට ඇතුලූ වූ මේ පුද්ගලයා යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු මානසික රෝගියෙකුගේ ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා පොලිසිය ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය නිකුත් කොට තිබේ.
 
 මෙම සැක කටයුතු පුද්ගලයා ඉකුත් 5 දා මධ්‍යම රාත‍්‍රියේදී මන්නාරමේ දේවස්ථානයට සැක කටයුතු ලෙස ඇතුලූ වී මඳ වේලාවක් එහි රැුඳී සිට ඉවත්ව යන ආකාරය සීසීටීවී කැමරාවල සටහන් වී තිබිණ.
 
 එම දර්ශන සෙසු පොලිස් ස්ථානවලට නිකුත් කිරීමෙන් පසු යාපනය පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණි.
 
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles