Divaina - ශ‍්‍රී ලංකාවේ ඉදිවන විශාලතම සුළං බලාගාරයේ කටයුතු අවසන් අදියරේ... මෙගාවොට් 104 ක් පද්ධතියට එකතු වීමෙන් මණ්ඩලයට රු. බිලියන 10 ක ලාබයක්

luhundu19march

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 දිනසේන රතුගමගේ
 
 මන්නාරමේ ඉදිවන ශ‍්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරයේ වැඩ කටයුතු අවසන් අදියරට පත්ව තිබේ.

දැනට ශ‍්‍රී ලංකාවේ ඇති සුළං බල විදුලි බලාගාර වලින් නිපදවෙන විදුලිබල ධාරිතාව මෙගාවොට් 10 ත් 15 ත් අතර වන නමුත් මන්නාරමේ සුළං විදුලි බලාගාරයෙන් දිනකට මෙගාවොට් 104 ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු වෙයි.
 
 අගෝස්තු මස අවසානය වනවිට මන්නාරම සුළං බල විදුලි බලාගාරය ආරම්භ කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ. මන්නාරමේ මෙම බලාගාරය නිසා විදුලිබල මණ්ඩලයට මසකට රුපියල් බිලියන 10 ක මුදලක් ඉතිරි වන බව පවසන විදුලිබල මණ්ඩලය, 2030 වසර වනවිට පරිසරයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රතිශතය අවම මට්ටමක තබා ගැනීමට ලෝකයේ රටවල් අත්සන් කොට ඇති ගිවිසුම සාර්ථක වීම සඳහා සුළං බලයෙන් හා සූර්ය බලයෙන් ක‍්‍රියා කරන විදුලි බලාගාර ඉතා වැදගත් බවද සඳහන් කරයි.
 
 මන්නාරමේ මෙම බලාගාරය ආරම්භ කිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු කීප දෙනෙකුම විරෝධය පළකළ අතර මේ දිනවල යාපනයේ තෙන්මරච්චි, මරවන්පුලව් ප‍්‍රදේශයේ ඉදි වෙන සුළං බල විදුලි
 
 බලාගාරයටද විරෝධය පළ කොට තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

agasthi250

නවලිය

iranganiserasinghe250

දියග

rovel250

මීවිත

mahesh250

More Articles