Divaina - මගීන්ට බස් එකේ විස්තර දැන ගන්න ඇප් එකක් - ගමනාගමන කොමිසම අද හඳුන්වා දෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p2 1ලංගම හා පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගී ජනතාවට බස් රථය පිටවන වේලාව සහ බස් රථය කුමන ස්ථානයේ තිබෙන්නේද ඇතුළු තොරතුරු රැුසක් දැන ගත හැකි දුරකථන ඇප් එකක් ජාතික ගමනාගමන කොමිසම මගින් අද (7දා) හ`දුන්වා දෙනු ලබයි.

ලංගම හා පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ට බස් රථයක් එනතුරු ඇතැම් විට පැය ගණනක් මහපාරවල් අසල බලා සිටින්නට සිදුවේ. එමෙන්ම බස් රථයක් ක‍්‍රියාවිරහිත වී ධාවනය අවලංගු වී තිබේ නම් ඒ් බව මගීන්ට දැන ගැනීමට ක‍්‍රමයක් නැත.

බස් රථවල ගමන් ගන්නා මගීන් රස්තියාදු නොකර ඔවුන්ට නිසි වේලාවට ගමන් බිමන් යෑම පහසු කරවීමට බස් රථය පිළිබඳ තොරතුරු ඇතුළත් ජංගම යෙදවුමක් සකස් කරන ලෙස මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබිණි.

ඒ අනුව මගීන්ගේ ගමන් පහසුව සඳහා my bus.lk නමින් ජංගම දුරකථන යෙදවුමක් මේ වනවිට ජාතික ගමනාගමන කොමිසම මගින් සකස් කර අවසන් කර ඇත.

එම ජංගම දුරකථන යෙදවුම දියත් කිරීම අද කොළඹ දී සිදු කෙරේ.

my bus.lk ජංගම දුරකථන යෙදවුම සැකසීමේ කටයුතු විශාල මුදලක් ගෙවා පුද්ගලික සමාගමකට පවරා දී තිබුණි. නමුත් ඔවුන් විසින් සකස් කළ යෙදවුම අංග සම්පූර්ණ එකක් නොවීය.

එහෙත් ජාතික ගමනාගමන කොමිසමේ කළමනාකරණ සහකාරවරයකු ලෙස කටයුතු කරන තරුණ උපාධිධාරියකු වන නුවන් සෙනවිරත්න මහතා විසින් තනිවම, කොමිසමේ මුදල් ශත පහක්වත් වැය නොකරමින් මෙම අංග සම්පූර්ණ යෙදවුම නිර්මාණය කර තිබීම විශේෂ කාරණයකි.

කොවිඞ් 19 ඇඳිරි නීතිය හේතුවෙන් ඇතැම් නිලධාරීන්ට නිවසේ සිට සේවය කිරීමට අවස්ථාව උදා වූ සමයේ නුවන් සෙනවිරත්න මහතා මගී ප‍්‍රවාහන ජංගම දුරකථන යෙදවුමක තිබිය යුතු සියලූම අංග ඇතුළත් කර මෙම යෙදවුම සකස් කර ඇත.

මෙම ජංගම දුරකථන යෙදවුමේ පහසුකම් අනුව මගීන්ට බස් රථයක් ආරම්භය හා ගමනාන්තය දැක්වෙන වේලාවන්, මගීන් බස් රථයට ගොඩ වෙන ස්ථානයේ සිට ගමනාන්තය දක්වා අය වන බස් ගාස්තුව, තමන් ගමන් ගත යුතු බස් රථය ඒ මොහොතේ පවතින ස්ථානය
Tracking,  අන්තර්ජාලය හරහා මගී පැමිණිලි ඉදිරිපත් කිරීමට ඇති පහසුව Complain සියලූම බස් රථවලට ගෙවීම් කටයුතු කාඞ්පතක් මගින් ගෙවීමට ඇති පහසුකම් සැලසීම ආදි සියලූ පහසුකම් මෙම යෙදුමේ අන්තර්ගත වේ.

නුවන් සෙනවිරත්න මහතා මෙම කටයුතු සියල්ල සිදු කර තිබෙන්නේ තම කුඹුරේ කුරුළු තුඩ නමැති මිල අධික සහල් විශේෂය නිපදවන වී ගොවිතැන ද සිදුකරමිනි. මෙම තරුණ නිර්මාණකරුවා එදින ඇගයීමට පියවර ගන්නා ලෙසද අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ.

අරුණ බෝගහවත්ත

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles