Divaina - ක්‍ෂය රෝගීන් 5000 ක් පමණ ප‍්‍රතිකාර නොගෙන රෝගය බෝ කරමින් සිටිනවා - වෛද්‍ය ජීවනී සමරවීර

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p7 5- ක්‍ෂය රෝගීන් වැඩිම පිරිස  සිටින්නේ තමන්කඩුවේ

- අපේ ඉලක්කය 2025 දී ක්‍ෂය රෝගය ලංකාවෙන් තුරන් කිරීමයි

-සති දෙකකට වැඩිය ඇති කැස්ස,  ඇඟ කෙට්ටුවීම, කෑම අරුචිය,  සවසට ඇති මඳ උණ රෝග ලක්‍ෂණයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව ශ‍්‍රී ලංකාවේ වසරකට ක්‍ෂය රෝගීන් 14,000 ක් පමණ වාර්තා විය යුතු නමුත් අවාසනාවකට මෙන්  රෝගීන් වාර්තා වන්නේ වසරකට 9000 ක පමණ ප‍්‍රමාණයක් බවත්, තවත් රෝගීන් 4000 ක 5000 ක ප‍්‍රමාණයක් ප‍්‍රතිකාර නොගෙන රෝගය බෝ කරමින් සමාජය තුළ සිටින බව පොලොන්නරුව දිස්ත‍්‍රික් ක්‍ෂය රෝග මර්දන වෛද්‍ය නිලධාරිනී, වෛද්‍ය ජීවනී සමරවීර මහත්මිය පැවසුවාය.

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේද ජනගහනයට අනුව වසරකට රෝගීන් 275 ක් පමණ වාර්තා විය යුතු නමුත් සෑම අවුරුද්දකම අපට රෝගීන් වාර්තා වූයේ 150 ක පමණ ප‍්‍රමාණයක් බවත්, ක්‍ෂය රෝගය ශ‍්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ කර්තව්‍යයේදී මේ තත්ත්වය විශාල අභියෝගයක් යැයිද ඇය කීවාය. පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ වැඩිම ක්ෂය

රෝගීන් ප‍්‍රමාණයක් සිටින්නේ තමන්කඩුුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බවද එහිදී සඳහන් කළාය.

වෛද්‍යවරිය මේ බව කියා සිටියේ ක්ෂය රෝගය පාලනය කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් පොලොන්නරුව මහ රෝහලේ ලය රෝග සායන ඒකකයේ ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජීවනී සමරවීර මහත්මිය මෙසේද පැවැසුවාය. ‘‘ක්‍ෂය රෝග මර්දනය පිළිබඳ ජාතික වැඩසටහන සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව 2025 දී ක්ෂය රෝගය ලංකාවෙන් තුරන් කරනවා කියන ඉලක්කයක් කරා අපි පියවරක් තියලා තිබෙනවා. ඒ අනුව ක්‍ෂය රෝගය ලංකාවෙන් තුරන් කරන්න නම් සමාජයේ ඉන්න ක්ෂය රෝගීන් සියලූ දෙනාට ප‍්‍රතිකාර කරලා සුවපත් කරන්න ඕන. නැත්නම් අපිට ඒ ඉලක්කෙට යන්න බැරි වෙනවා. ඉතින් ඒ ඉලක්කය කරා යන ගමනේදී ලොකු අභියෝගයක් වෙනවා අපිට

රෝගීන් වාර්තා නොවීම. සමාජයේ රෝගීන් ඉන්නවා අපිට වාර්තා වෙන්නේ නෑ කියන්නේ ඒ ඉලක්කය කරා අපිට යන්න බෑ.

ක්‍ෂය රෝගය කියන්නේ බෝ වෙන රෝගයක්. හැබැයි රජය මගින් නොමිලයේ ලබාදෙන ප‍්‍රතිකාර මගින් එය නිසි ලෙස ගැනීමෙන් සියයට සීයක් සනීප කරන්න පුළුවන් ලෙඩක්.

ක්‍ෂය රෝගය ශරීරයේ ඕනෑම ඉන්‍ද්‍රියකට හැදෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට රෝගීන් වැඩිපුර ප‍්‍රමාණයක් වාර්තා වෙන්නේ පෙනහළු ආශ‍්‍රිතව. මේ පෙනහළු ආශ‍්‍රිතව හැදෙන රෝගීන්ගෙන් තමයි රෝගය තවත් කෙනකුට බෝ වෙන්නේ.

කැස්ස සති දෙකකට වැඩිය තියෙනවා නම්, ඇඟ කෙට්ටුවීම, කෑම අරුචිය, සවසට පවතින මද උණ ගතිය යනාදී රෝග ලක්‍ෂණ තියෙන අය සැකහැර දැනගන්න ඕන මේ රෝග ලක්‍ෂණ තියෙන්නේ ක්‍ෂය රෝගය නිසාද නැතිනම් වෙනත් රෝගයක් නිසාද කියලා.

දියවැඩියා රෝගීන්, වකුගඩු රෝගීන්, පිළිකා

රෝගීන් සහ ජීවිත කාලය තුළම යම් යම් රෝගාබාධවලින් පෙළෙමින් ඉන්න අය සහ මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා ඉන්න රෝගීන්ට මේක හැදීමේ ප‍්‍රවණතාව වැඩියි. එහෙම රෝගීන් ඉන්නවා නම් වහ වහා අපේ සායනයට ඇවිල්ලා පරීක්‍ෂා කටයුතු කරල අවශ්‍ය ප‍්‍රතිකාර ගන්න ඕන. මුළු ලංකාව පුරාම සෑම දිස්ත‍්‍රික්කයකටම ලය සායනය බැගින් තියෙනවා. ඒ ලය සායනයට යොමුවෙලා නොමිලයේ ප‍්‍රතිකාර ගන්න පුළුවන්.’’

කරුණාරත්න ගමගේ
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles