Divaina - ව්‍යාපාරිකයාගේ පවුම් 15 රන් මාලයට විද්ද මෙහෙකාරිය හා පෙම්වතා රිමාන්ඞ්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p7 4- මාලය උකස් කොට පෙම්වතාට ති‍්‍රරෝදයක් අරන් දීලා

- මස්කෙළිය නගරයේ ව්‍යාපාරිකයකුගේ නිවසකින් රුපියල් දසලක්‍ෂ පනස් දහසක් වටිනා රන් පවුම් 15 ක දම්වැළක් සොරාගත් තරුණියක් හා ඇගේ පෙම්වතා බව කියන තරුණයෙක් මස්කෙළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විනිසුරු ජෙයරාමන් ට්‍රොස්කි මහතා හමුවට 05දා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් මෙම මස (17) දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

මෙසේ රක්ෂිත භාරයට පමුණුවනු ලැබුවේ, මස්කෙළිය පොලිස් වසමට අයත් බ‍්‍රවුන්ලෝ තේ වතුයායේ පදිංචි රාජේන්ද්‍රන් ප‍්‍රියදර්ශනී (18) හා මස්කෙළිය ගාඞ්මෝර් තේ වතුයායේ, ගල්කන්ද කොටසේ පදිංචි අංගමුත්තු උදයකුමාර් (20) නමැති අයයි.

මස්කෙළිය නගරයේ, තැපැල් කාර්යාල මාර්ගයේ පිදිංචි ව්‍යාපාරිකයකුගේ නිවසේ ගෘහ සේවිකාවක්  වශයෙන් සේවය කරමින් සිටි මෙම තරුණිය ඉකුත් මාසයේ (16) වන දින තේ පානය කිරීම සඳහා බනිස් රැුගෙන ඒමට නිවසින් පිටව ගොස් නැවත ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ නොමැත. මෙම තරුණිය, තරුණයෙක් සමග පේ‍්‍රම සබඳතාවක් පවත්වාගෙන යමින් සිටි නිසා ඔහු සමග වෙනත් ප‍්‍රදේශයකට පළා ගොස් ඇති බවට සොයා බැලීමේදී දැනගන්නට ලැබුණ බව ව්‍යාපාරිකයා විසින් පොලිසියට පවසා ඇත.

තරුණිය ගැන වැඩිදුරටත් සැක නොසිතූ ව්‍යාපාරිකයා ඇතුළු ඔහුගේ නිවසේ අය 03 දා නිවසේ පිහිටි අල්මාරියක් විවෘත කර ස්වර්ණාභරණ බහා තිබූ පෙට්ටිය පරීක්ෂා කිරීමේදී එහි තිබූ පවුම් 15 ක මාලය අතුරුදන්ව ඇති බව දැනගෙන ඇත. එම අවස්ථාවේ ව්‍යාපාරිකයා ඇතුළු නිවැසියන් මෙහෙකාර තරුණිය ගැන සැක සිතා මස්කෙළිය පොලිසියට එදිනම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

මස්කෙළිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක ආනන්ද පේ‍්‍රමසිරි මහතා ඇතුලූ නිලධාරීන් කණ්ඩායමක් පුළුල් පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව 03 දා පස්වරුව වන විට සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන ඇත. තරුණියගේ ප‍්‍රකාශ අනුව ඇය විසින් සොරා ගනු ලැබූ රන් මාලය මස්කෙළිය නගරයේ පිහිටි රන් භාණ්ඩ උගස් ගන්නා වෙළෙඳ සැලකට රුපියල් ලක්ෂ 05 කට උගස් තබා එම මුදලින් තම පෙම්වතාට රුපියල් 4,30,000/- ගෙවා කල් බදු ක‍්‍රමයට ත‍්‍රිවීල් රථයක් මිලදී ගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

සැකකාර තරුණියගේ පෙම්වතා යැයි කියන මස්කෙළිය පොලිස් වසමට අයත්, ගාඞ්මෝර් තේ වතුයායේ, ගල්කන්ද කොටසේ පදිංචි (20) හැවිරිදි තරුණයෙක් සමග ත‍්‍රිවීල් රථයද පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි චූලනී වීරරත්න, සහකාර පොලිස් අධිකාරි 2 රසික රත්නායක යන මහත්වරුනගේ උපදෙස් මත, මස්කෙළිය පොලිස්ථානාධිපති යසරත්න බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ආනන්ද පේ‍්‍රමසිරි මහතා අතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සැකකරුවන් සමග නඩු භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.

මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles