Divaina - ඕනෑම තැනක සිට කළු ගගෙ ජල මට්ටම දැනගත හැකි ලින්ක් එකක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p7 3- පෙර සූදානම ඉතා වැදගත් වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග
 
 - රත්නපුර දිස්ත‍්‍රික්කය නිරන්තරයෙන් ජල ගැලීම් හා නාය යෑම් ආපදාවන්ට ලක්වන දිස්ත‍්‍රික්කයක්. ඉදිරි දිනවලදීද මෙම අවදානම පවතිනවා. මෙම ජල ගැලීම් වලින් හා නායයෑම් වලින් සිදුවන ජීවිත හා දේපළ හානි ඉතා විශාලයි. ඒවා බොහොමයක් පෙර සූදානම් ඇත්නම් අවම කර ගත හැකියි. මේ සඳහා මිනිසුන් තුළ තිබෙන පෙර සූදානම ඉතා වැදගත් වෙනවා යැයි රත්නපුර දිස්ත‍්‍රික් වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග මහතා පවසයි.
 
 ඉංජිනේරුවරයා මෙහිදී පැවසුවේ රත්නපුර, වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය විසින් කළුගෙඟ් රත්නපුර, මුවගම සවිකර තිබෙන ජල මාපකයට අනුව ජල මට්ටම දවසේ ඕනෑම වේලාවක ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම ස්ථානයක සිට බලාගැනීමට හැකිවන පරිදි www.warisoba.lk ලින්ක් එක හඳුන්වාදී තිබෙනවා. ඒවගේම කළු ගෙඟ් ජල මට්ටම පිළිබඳවද අවදානය යොමු කිරීමේදී කළු ගෙඟ් සවිකර තිබෙන රත්නපුර මුවගම, ජල මාපකයට අනුව ගංවතුර අනතුරු ඇගවීමේ මට්ටම   (Alert Leval) මීටර් 5.5 කි. සුළු ගංවතුර (Minor Flood) තත්ත්වයක් ලෙස සලකන්නේ කළු ගෙඟ් ජල මට්ටමට මීටර් 7.5 වූ විටයි. මහ ගංවතුර තත්ත්වයක් (major Flood) ලෙස සලකන්නේ මීටර් 9.5 වූ විටය. අති විශාල ගංවතුර තත්ත්වයක් (Critical Flood) ලෙස සලකන්නේ මීටර් 10.5 ක් වූ විටය.
 
 ඒ අනුව ඔබ අන්තර්ජාලයට පිවිස www.warissoba.lk ලෙස ටයිප් කර usename එක ලෙස ණ්කම යනුවෙන් ලබාදී Kalu එක ලෙසද Password යනුවෙන් ලබාදී කළු ගෙඟ් ජල මට්ටම එසැණින් දැනගත හැකිය. කළු ගෙඟ් ජල මට්ටම එසණින් දැනගන්න
www.warisoba.lk හෝ යසඑඑචථඅඅඅගඅ්රසිදඉ්ගකන හෝ hittp:www.warisoba.lk fyda Google Search ys warisoba.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.
 
 2003/2017 පැවැති මහා ගංවතුර දෙක දැනගැනීමේ හැකියාවක් එදා නැතත් මේ වනවිට ඕනෑම ස්ථානය සිට කළු ගෙඟ් ජල මට්ටම අනුව ඉදිරියේදී පැමිණීමට හැකි ගංවතුර තත්ත්වයන් පිළිබඳ බලාගත හැකි බව වාර්මාර්ග ඉංජිනේරුවරයා පැවැසීය.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles