Divaina - මහපාරේ බළලෙක් කළ හදියක් හදිසියේ තිරිංග තද කිරීමෙන් කිපුණු ලොරි රියැදුරුගෙන් ව්‍යාපාරිකයාට හා සහායකට කඩු ප‍්‍රහාරයක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p7 1පාර හරහා පැනගිය බළලෙකු බේරීමට සද්භාවයෙන් තම වාහනයේ තිරිංග තද කළ බව කියන ව්‍යාපාරිකයකුට සහ ඔහුගේ සහායකයාට පිටුපසින් පැමිණි ලොරියේ රියදුරු විසින් ඔහුගේ සොහොයුරන් යොදා අමානුෂික ලෙස කඩුවලින් කපා පළාගෝස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලිසිය පුළුල් විමර්ශන අරඹා ඇත.

මෙම කඩු ප‍්‍රහාරයට ලක්වූ ව්‍යාපාරිකයා සහ සහයකයා බොරැුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ය. ඔවුන් හලාවත සිට කොළඹ දක්වා ගමන් කිරීමේදී මෙම සිද්ධිය මාරවිල පම්බල ප‍්‍රදේශයේදී සිදුව ඇත. පූසා බේරීමට හදිසියේ තිරිංග තද කළ වාහනයට පසු පසින් තවත් ලොරියක් පැමිණ ඇත. පසුව මෝටර් රථයේ සිටි ව්‍යාපාරිකයා සහ ලොරි රියදුරු අතර හදිසියේ බ්රේක් ගැසීම සම්බන්ධයෙන් බහින් බස් වීමක් සිදුව ඇත. වැලිවේරියේ පදිංචි ලොරියේ රියදුරු දුරකථනයෙන් මෙම සිද්ධිය පිළිබඳව ඔහුගේ සොහොයුරන් දැනුවත් කර ආයුධ රැුගෙන වහා පැමිණෙන ලෙස දන්වා ඇත.

පසුව ව්‍යාපාරිකයා ගමන්ගත් මෝටර් රථය පිටුපස සැතපුම් 40 ක් පමණ දුරක් හඹා පැමිණි ලොරි රියදුරු සහ ඔහුගේ සොහොයුරන් මීගමුව කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කුරණ ප‍්‍රදේශයේදී මෝටර් රථයේ ගමන්ගත් ව්‍යාපාරිකයා ඔහුගේ සහයකයා අමානුෂික ලෙස කපා කොටා මෝටර් රථයටද අලාභ සිදුකර පළාගොස් ඇත.

කැපුම් තුවාලවලින් බරපතළ තුවාල ලැබූ ව්‍යාපාරිකයා සහ ඔහුගේ සහයකයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්‍ෂක ජයනාත් සහ චාමර ප‍්‍රදීප් යන මහත්වරුන් විසින් අත්අඩංගුවට ගත් වැලිවේරියේ පදිංචි ලොරි රියැදුරු  හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා මේ මස 17 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත. එම මැර සිද්ධියේ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන අරඹා ඇත.

මීගමුව සමූහ - විමල් කීර්ති

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles