Divaina - අධික වේගයෙන් ගිය ජීප් රථයේ යතුරුපැදිය ගැටී බුද්ධි අංශයේ පොලිස්‌ නිලධාරියාට බරපතළයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1


 acc555
 ඡායාරූප හා සටහන - නුවරඑළිය නාලක රත්නායක
 
 මාර්ග නීති උල්ලංඝනය කරමින් අධික වේගයෙන් ධාවනය වූ ජීප් රථයක්‌ යතුරුපැදියක මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් හැටන් පොලිස්‌ කොට්‌ඨාස බුද්ධි අංශයේ පොලිස්‌ නිලධාරියකු බරපතළ ලෙස තුවාල ලබා දික්‌ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය.
 
 ඊයේ 03 දින උදෑසන 10.30 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ සැතැඩන් වත්ත ප්‍රදේශයේදීය.
 
 වැලිඔය වත්ත දක්‌වා රාජකාරි කටයුත්තක්‌ සඳහා පොලිස්‌ නිලධාරීන් ගමන් කරද්දී යතුරු පැදිය මෙසේ අනතුරට පත් වී තිබිණි.
 
 ජීප් රථ රියදුරාගේ අපරීක්‍ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව වී තිබේ. එම රියෑදුරා සැකපිට හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අනතුර පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ හැටන් පොලිසිය පවත්වයි.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles