Divaina - සී.අයි.ඞීය රනිල්ගෙන් පැය 4 ක් ප‍්‍රකාශ ගනී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

ransමහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු ඊයේ (03 දා* පැය 04 ක පමණ කාලයක් ප‍්‍රකාශ ලබා ගත්හ.
 
 රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවස වෙත ගොස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම ප‍්‍රකාශ ලබාගෙන තිබේ.
 
 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් ද ප‍්‍රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා ඉකුත් ජුනි මස 18 වැනිදා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබිණි.
 
 එසේම හිටපු අගමැති උපදේශකවරයකු ලෙස කටයුතු කළ එස්. පාස්කරලිංගම් සහ හිටපු බැංකු නිලධාරියකුගෙන් ද ප‍්‍රකාශ ලබා ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබිණි.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles