Divaina - දත් බෙහෙත් අසුරන තුනක දාලා මහර බන්ධනාගාරයට කුඩු ගෙනත්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 kudus444
 රුවන් ජයවර්ධන
 
 මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැුඳවියකුට ලබාදීම පිණිස රැුගෙන ආ මත්කුඩු ග‍්‍රෑම් 05 ක් අත්අඩංගුවට ගැනීමට ඊයේ (03 දා* මහර බන්ධනාගාර නිලධාරීහු පිරිසක් සමත් වූහ.
 
 මහර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු බැලීම පිණිස පැමිණි පුද්ගලයකු විසින් මෙම මත්කුඩු බන්ධනාගාරය වෙත  රැුගෙනවිත් තිබේ. එම මත් කුඩු ප‍්‍රමාණය දත් බෙහෙත් අසුරන තුනක සූක්ෂම අයුරින් සඟවා බන්ධනාගාරය වෙත රැුගෙනවිත් තිබියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
 
 පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරය වෙත මාරුකර එවනු ලැබූ මොහොමඞ් කාසිම් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙත ලබාදීම පිණිස මෙම මත්කුඩු මහර බන්ධනාගාරය වෙත රැුගෙන විත් ඇති බවත් බන්ධනාගාරයේ මේ වන විට කි‍්‍රයාත්මක දැඩි ආරක්‍ෂක පියවරයන් හේතුවෙන් මෙම වැටලීම සිදුකිරීමට හැකිවූ බවත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා පැවසීය.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles