Divaina - මට මඩ ගහන විජේදාසට එරෙහිව උසාවි යනවා.... එයාගේ නීතිඥ ධුරයත් නැති කරනවා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

අකිත පෙරේරා
 
 rajitha135තමන් මුදල් ගත් බව කියමින් මඩ ප‍්‍රචාරයක නියැලෙන හිටපු මන්තී‍්‍ර විජයදාස රාජපක්ෂ මහතාට විරුද්ධව නීතිමය පියවර ගෙන ඔහුගේ නීතීඥ ධුරයද නැති කිරීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතා පැවසීය.
 
 සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (03* පැවැති මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටි හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
 
 මට චෝදනාවක් කරලා තිබෙනවා ඇවන්ගාඞ් එකෙන් මිලියන 200 ක් ගත්තා කියලා. මට මුදල් දෙන්න හැදුවත් මම ප‍්‍රතික්ෂේප කළා. ඒ බව ඔප්පු කරන්න පුළුවන්. ඒ දුරකථන ඇමතුම් සියල්ල පටිගත කරලා තිබෙන නිසා. දැන් ඊයේ විජයදාස රාජපක්ෂ කියලා තිබෙනවා මම මුදල් ගත්තා කියලා. ඊට විරුද්ධව නීතිමය කි‍්‍රයා මාර්ග අපි ගන්නවා. ඕනා කෙනෙකුට පුළුවන් චෙක් එකක් ලියලා දුන්නායි කියලා පෙන්වන්න. එදා නම් කිව්වේ මිලියන 05 යි කියලා. ඒක දැන් වෙනකොට ඒක මිලියන 20 ක් වෙලා. විජයදාස කියන්නේ බලය සඳහා ඕනෑම දෙයක් කරනවා. අපි වගේ අයට ගහලා ජනප‍්‍රිය වෙලා ඡුන්ද ගන්නයි මේ හදන්නේ. එයා කකුල් දෙක දෙපැත්තෙ තියා ගෙන ඉන්න කෙනෙක්. අපි කාවවත් හිරේ දාන්න එයා එක්ක කතා කරලාත් නෑ. අපි එදා ඉදිරිපත් වුණේ හොරු අල්ලන්නයි. එයා කාලෙන් කාලයට විවිධ පැති ගන්නවා. දැන් රාජපක්ෂලාට කිට්ටු වෙලා ඇමැතිකමක් ගන්නයි මේ හදන්නේ.
 
 දැන් පගාව දුන්නයි කියනවානේ එහෙම පගාව දීමත් වැරදියිනේ. එයාවත් අත්අඩංගුවට ගන්න ඕනා.
 
 ඇවන්ගාඞ් එක කියන්නේ නිකම් ආරක්ෂක ආයතනයක් විතරයි. ඒත් රාජපක්ෂලා මේ අයට ඉන්දියන් සාගරය බලා ගන්න කිසිම කොන්ත‍්‍රාත් කැඳවීමක් නැතිව මේවා නිකං දුන්නේ. එහෙම අය තමයි දැන් අපිට මුදල් දුන්නා කියලා චෝදනා කරන්නේ. අපිට ඔය වගේ ත‍්‍රාඩ මිනිහෙක් එක්ක හැප්පෙන එක සිල්ලර වැඩක්. එයාට වඩා ලොක්කෝ එක්ක අපි හැප්පිලා තිබෙනවා. අපිට ප‍්‍රතිපත්තියක් තියෙනවා.
 
 අපි මහජනතාවත් එක්කයි ඉන්නේ. අපිව සල්ලිවලට ගන්න බෑ. අපේ ප‍්‍රතිපත්ති එක්කයි මෙච්චර කලක් කටයුතු කලේ. ඉදිරියටත් එහෙමයි. මට බොරු චෝදනා කරපු අය යහතින් හිටියේ නෑ. ඒ ඔක්කොම ගියා. අපි තවම ඉන්නවා. මේ ඇවන්ගාඞ් එක හොඳ ආයතනයක් නොවෙයි කියලා පැමිණිලිත් තිබෙනවා. මට වජිර අබේවර්ධන ඇමැතිතුමා තමයි දවසක් එයාගේ ගෙදරට එන්න කියලා මේ නිශ්ශංක සේනාධිපති කියලා හඳුන්වා දුන්නේ. මම කිව්වා මෙයාද මිනිහා මම මෙයත් එක්ක කතා කරන්නේ නෑ කියලා. ඒ වෙලාවේ අනේ සෑර් කියලා කතා කළා. එදා බලය තිබුනේ නෑනේ. අද රාජ්‍ය බලයත් එක්ක එයා හරි චන්ඩියා වෙලා.
 
 අපි රාජ්‍ය බලය අනිසි විදිහට පාවිච්චි කරලා කාගේවත් ඇඟක වත් හැප්පිලා නෑ. හැබැයි අපි විපක්ෂයේ සිටින විට ඕනෑම කෙනෙක් එක්ක හැප්පෙනවා. මේ මනුස්සයා මට මඩ ගහනවා. රාජපක්ෂලාගේත් මේ වගේ මඩ ව්‍යාපෘතියක් තිබෙනවා. මගේ කටහඩ අරගෙන විවිධ ප‍්‍රකාශ කරවලා ඒවා ප‍්‍රසිද්ධ කරන්න යනවා කියලා මට ආරංචි ලැබිලා තිබෙනවා. අපි බිස්නස් කරන්නේ නෑ. මාත් එක්ක ඔය විශාල සමාගම් තරහයි.
 
 දැන් ඊයේ එක්කෙනෙක් මට මඩ ගැහුවානේ.එයා ජනාධිපති නීතීඥයෙක්. මම මෙයාට විරුද්ධව නීතියෙන් කටයුතු කරලා එයාගේ ජනාධිපති නීතීඥකම විතරක් නොවෙයි නීතීඥකමත් ගලවනවා. මට විරුද්ධව තව මඩ එයි.
 
 මේ රට ඉහළ මධ්‍යම ආදායම් ආර්ථිකයක් තිබුණු රටක් විදිහටයි හැඳින්වුනේ. දැන් ඊයේ වන විට එය පහළ මධ්‍යම ආදායම් ඇති රටක් බවට පහළට වැටිලා තිබෙනවා. ඒ කියන්නේ කිසිම ආයෝජකයෙක් රටට එන්නේ නෑ. ඩොලර් නෑ. මේ අය ඉදිරි මැතිවරණය දින්නොත් ඉන්පසුව තමයි වැඬේ බලාගන්න පුළුවන් වෙන්නේ.
 
 මෙහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුජීව සේනසිංහ මහතා-
 
 මේ ආණ්ඩුව දිගින් දිගටම ප්‍රෝඩාකාරී ප‍්‍රකාශවලින් යුතු ආණ්ඩුවක්. ඒ අතරේ විවිධ කොමිසම් පත් කරලා පාස්කු ප‍්‍රහාරය ගැන විවිධ ප‍්‍රචාර කරනවා. නමුත් මේ කොරෝනා වසංගතය නිසා අසරණ වූ ජනතාවට සහන දෙන්න ආණ්ඩුව කිසිම පියවරක් ගන්නේ නෑ. සජිත් පේ‍්‍රමදාම මහතා මේ නිසා තමයි කිව්වේ රුපියල් 20000 ක් දෙනවා කියලා. මේ ආණ්ඩුව වැට් බදු අඩු කිරීම නිසා විශාල පාඩුවක් අත්කර ගත්තා. ඒ පාඩුව බැලූවොතින් විදුලිය, ජලය, ජනතාවට මාස තුනක් නොමිලේ දිය හැකියි. ඒ සඳහා යන්නේ බිලියන හැටයි.
 
 අපි සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා කළා. නමුත් මේ ආණ්ඩුවේ දූ
 ෂණය නිසා ජයිකා ණය ආධාරත් නැවතිලා. ඒ ව්‍යාපෘතිය නැතිවුනා. දැන් බලන්න අපිට ඉල්ලමක් වගේ තිබෙන නැගෙනහිර පර්යන්තය උගස් කරන්න යනවා ඉන්දියාවට. හැබැයි චීනෙට කියනවා ඉන්දියාවට දෙන්නෑ කියලා. ඒත් ඉන්දියාවට ගිහින් කියනවා චීනෙට දෙන්නෑ කියලා. මේ වගේ ආණ්ඩුවක් තමයි දැන් මේ රටේ තිබෙන්නේ. එහෙම කියලා චීනෙන් ණයත් ගන්නවා.
 
 ගෝඨාභය මහත්තයාට දැන් ආර්ථිකය මෙහෙයවන්නේ කොහොමද කියලා හිතාගන්න බැරිවයි සිටින්නේ. ආණ්ඩුවට පඩි ගෙවාගන්න මුදල් නෑ. ආණ්ඩුවට ආදායමකුත් නෑ. දැන් ආනයන සීමා කරලා තිබෙනවා. එහෙම අමුද්‍රව්‍ය ගේන්නේ නැතුව කොහොමද අපේ නිෂ්පාදන ටික කර ගන්නේ. දැන් මහනුවර තේ ෆැක්ටරිත් වහන්න පටන් අරගෙන තිබෙනවා. කිසිම ආර්ථික කළමනාකරණයක් නෑ. අයියයි මල්ලියි හොඳට කරයි කියලා කිව්වාට දැන් එහෙම වෙන්නේ නෑ. ඒ වුණාට පවුල් පාලනය නම් හොඳට තිබෙනවා. දේශපාලනයෙන්ම ගොඩ යන්න තමයි මේ රාජපක්ෂ පවුල හදන්නේ.
 
 මෙහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු නලින් බණ්ඩාර මහතා-
 
 අපි දන්නවා මේ දිනවල කොළඹ වරාය තුළ විශාල අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපිට සැකයක් තිබෙනවා මෙහි දූෂණයක් වෙලා කියලා. පර්යන්තයක් හදන්න කලින් කේ‍්‍රන් ගෙනත් තිබෙනවා විශාල මුදලක් වැය කරලා. මේක හරියට ගුවන් පථයක් හදන්නේ නැතිව
 
 ගුවන් යානා ගේනවා වගේ වැඩක්.
 
 මේ වන විට අපේ කී‍්‍රඩකයින් ව සී.අයි.ඞී එකට කැඳවනවා. ඒත් සී.අයි.ඞී එක යනවා මහින්දානන්ද
 
 අලූත්ගමගේගෙන් ප‍්‍රශ්න කරන්න එයාගේ නිවසට . ඇයි මේ විදිහට අපේ කී‍්‍රඩකයින්ව අපහසුතාවට පත් කරන්නේ. මේ කී‍්‍රඩකයින්ව අපකීර්තියට ලක්කරන්නේ. රට පාවා දෙන්නයි මේ අය හදන්නේ. මේ කරන අගෞරවයට එරෙහිව අපි කටයුතු කරන්න ඕනා. අපේ රටේ විශාල පිරිසක් සිටිනවා කි‍්‍රකට් කී‍්‍රඩාවට ආදරය කරන. ඒ අය දැන් අපේ කී‍්‍රඩකයින් වෙනුවෙන් ඉදිරියට එන්න ඕනා.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles