Divaina - සජිත් අගමැති වුණොත් මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙනවා... සජිත් උතුරට ගිහින් අන්තවාදයට උඩගෙඩි දෙනවා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

අනුර බාලසූරිය
 
rohotha135 සමගි ජන බලවේගයට සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ඡන්ද නොලැබෙන නිසා සජිත් පේ‍්‍රමදාස උතුරට ගිහින් බලය ⁣බෙදන කතාවක් කියමින් ඒ පළාතේ ඡන්ද ටික ලබා ගැනීමට උත්සාහ කරන බව හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
 
 කොළඹදී ඊයේ(3* පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවැසූ ඒ මහතා මෙසේද කීවේය.
 
 එදා ආර්.පේ්‍්‍රමදාස ජනාධිපතිවරයා ආයුධ හා මුදල් ලබාදී එල්ටීටීඊය පෝෂණය කළා වගේ දැන් ඔහුගේ පුතා වන සජිත් පේ‍්‍රමදාස මහතා උතුරට ගිහින් කියනව 13 වන සංශෝධනයට එහා ගිහින් ඒකීය රජයක් තුළ බලය බෙදනන පුලූ‍වන් කියලා. දැන් සජිත් අන්තවාදයට උඩගෙඩි දෙනවා. ඊයේ අන්තවාදයට උඩගෙඩි දෙන්න ගිහින් ෆුඞ්බෝල් ගහනවා. මේ නායකයෝ දකුණට ගියාම එකක් කියනවා. උතුරට ගිහින් තවත් එකක් කියනවා. මේ අපේ මාතෘ භූමියේ එක පැත්කට එක පාලනයක් අනක් පැත්තට තවත් පාලනයක් දීමට කිසිසේත් අපි ඉඩ තියන්නේ නැහැ.
 
 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු අපේ රජය මේ රටේ එක පාලනයක් එක නීතියක් ක‍්‍රියත්මක කරන්නේ. 2015 සිට 2019 දක්වා යහපාලන ආණ්ඩුව කටයුතු කලේ ඡුන්ද මල්ල දිහා බලලයි. නැගෙනහිරට ගියාම එකකුත් උතුරට ගියාම තවත් එකකුත් කියනවා. සමගි
 
 ජනබලවේගයට සිංහල බෞද්ධ ඡන්දත්, සිංහල කතෝලික ඡන්දත් නොලැබෙන නිසයි සජිත් ඉක්මනට උතුරට ගිහින් බලය බෙදන කතාවක් කිව්වේ.
 
 සජිත් ඕන දෙයක් කියපු දෙන් ඔහු ජීවිතේට අගමැති වෙන්නෙ නම් නෑ. මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් සජිත් 113කට එහා ගිය මන්ත‍්‍රී සංඛ්‍යාවක් අරගෙන මේ රටේ අගමැතිවරයා බවට පත් වුවහොත් මම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට අභියෝගයක් කරනවා.
 
 කවදාවත් අගමැති නොවන බව දන්නා සජිත් දැන් සක‍්‍රදේවේන්ද්‍රයන් වගේ විවිධ පොරොන්දු දෙනවා. මවල දෙන්නම් කියලා කියනවා. සජිත් මාධ්‍ය සාකච්ජා ති⁣යන්නේ නෑ. මයික් ටිකක් තියාගෙන කියවනවා. ඔහු මාධ්‍යයට මුහුණ දෙන්නේ නෑ. ප‍්‍රශ්න අහයි කියලා.මයික් එකක් ළගට ගිහින් ඕනෑම දෙයක් කියනවා. ඔහු අද ඡන්ද කඩන මැෂිමක් බවට පත්වෙලා.
 
 නවගුණවැල අතේ තියාගෙන කතාකරපු රාජිතගේ පැටිකිරිය ඊයේ එළියට ආවා. චෙක්පත්වලින් මුදල් අරගෙන තිබුණ හැටි ජනතාවට දැනගන්න ලැබුණා. මේවා මාරුකලේ කවුද? ඒ මුදල් කෝ. විජේදාස රාජපක්ෂ මහතා හෙළිදරව් කළ දේවල් ඇත්තද නැත්තද කියලා රට ඉදිරියට ඇවිත් උත්තර දෙන්න කියලා අපි රාජිත මහත්තයට කියනවා.
 
 පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව ඍජුවම වගකිව යුතුයි. ඊට වගකිවයුතු අයට ද`ඩුවම් ලබාදිය යුතුයි. මේ සම්බන්ධයෙන් කොමිසම හිටපු ඇමතිවරුන්ගෙනුත් කැ`දවා ප‍්‍රශ්න කරන්න කියා ඉල්ලා සිටිනවා.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles