Divaina - සමගි ජනබලවේගය පාස්කු ප‍්‍රහාරයේ ත‍්‍රස්තවාදීන් ආරක්ෂා කිරීමට ආණ්ඩු බලය ඉල්ලනවා - හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඞී.වී.චානක

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p9 2සමගි ජනබලවේගය අද ආණ්ඩු බලය ඉල්ලා සිටින්නේ එදා මහ බැංකු බැඳුම්කර මගඩිය වහන්න කටයුතු කළා වගේ පාස්කු ප‍්‍රහාරයේ චෝදනා ලැබ සිටින ත‍්‍රස්තවාදීන් ආරක්ෂා කිරීමටදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඞී.වී.චානක මහතා විමසා සිටියේය.

බත්තරමුල්ල, නෙලූම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්්ෂ මූලස්ථානයේ ඊයේ (01දා* පැවති මාධ්‍ය හමුවේදී එසේ විමසූ ඒමහතා මෙසේද කියා සිටියේය.

කොව්ඞ් ව්‍යසනයට ලෝකයම ගොදුරුවී ලක්ෂ පහකට ආසන්න ප‍්‍ර‍්‍රමාණයක් මියගොස් කෝටියකට ආසන්න ආසාදිතයින් ප‍්‍රමාණයක් සිටින අවස්ථාවක ශ‍්‍රී ලංකාව සාර්ථකව එම වසංගතය මර්ධනය කර තිබෙනවා. දැනට මාස දෙකකට ආසන්න කාලයක් වෙනවා අප සමාජය තුළින් එක් රෝගියෙක්වත් වාර්තාවී නැහැ.ලොව බලවත් රටවල්වලට පවා මර්දනයකර ගැනීමට නොහැකිවූ මෙම වසංගතය අප රට සාර්ථකව මර්දනය කර තිබෙනවා.

ඒවගේම විදේශ රටවල සිටින අපේ ශ‍්‍රී ලාංකිකයන් සෞඛ්‍ය නිර්දේශමත ලංකාවට ගෙන්වා ගනිමින් සිටිනවා. හැකි ඉක්මනින් මේ සියලූ දෙනා ලංකාවට ගෙන්වා ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරනවා.

අප රටේ කොරෝනා මර්ධනයත් සමග අද රටේ ජනතාව විශාල වශයෙන් අපේ ආණ්ඩුව වටා එක් වෙනවා.ආණ්ඩුවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ විපක්ෂයට නොපෙනුනාට ඒ වැඩපිළිවෙළ රටම පිළිගෙන තිබෙනවා. මේ නිසා රටේ ජනතාව රජය වටා එක්රොක්වෙමින් සිටිනවා.

යහපාලන ආණ්ඩු කාලය තුළ දිගින් දිගට රාජපක්ෂවරුන්ට විරුද්ධව චෝදනා එල්ල කළත් ඒ කිසිම චෝදනාවක් ඔප්පුකර ගැනීමට ඔවුන්ට හැකිවුණේ නෑ. ඒවගේම යහපාලන ආණ්ඩුව ඇවිත් මාස දෙකක් යන කොටම ලංකාවේ ලොකුම වංචාව වන මහ බැංකු වංචාව සිදු වුණා. මේ අය සිතුවේ නෑ මේ වංචාව රට ඉදිරියේ හෙළිවෙයි කියා. අවසානයේ එය රට ඉදිරියේ හෙළිවුණා. ඉන්පසු මේ පිළිබඳ කෝප් කමිටු වාර්තාව එළියට ඒම වැළැක්වීමට සුජීව සේරසිංහලා උසාවි ගියා. එවැනි වංචාවක් සිදුනොවුණ බවට පොත්පවා ලිව්වා.

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ පරීක්ෂණ අද ඉතාම සාර්ථකව සිදුකෙරෙනවා. මේ පරීක්ෂණ නිසා මුලූ රටටම පෙනී යනවා සමගි ජනබලවේගයට මේකත් එක්ක තිබෙන සම්බන්ධය. ඒවගේම අද සුජීව සේරසිංහ නැවත උසාවි යනවා පාස්කු ප‍්‍රහාරය පිළිබඳ රටට හෙළිවීම වැළැක්වීමට. සුජීව සේරසිංහ මහ බැංතු වාර්තාව එළියට නොදෙන්න එදා රනිල්ගෙ කොන්ත‍්‍රාත්තුවක් නම් ඉටු කළේ අද ඔහු කරන්නේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳව ජනතාව දැැනගැනීම නැවැත්වීමේ කොන්ත‍්‍රාත්තුවක්ද කියල අපි අහනවා. මේ කොන්ත‍්‍රාත්තුව දුන්නේ සජිත්ද? එහෙම නැත්නම් හකීම්ද? එහෙමත් නැතිනම් රිෂාඞ්ද? සුජීවගේ ‘‘මහ බැංකු බැඳුම්කරයේ ඇත්ත නැත්ත පොත’’ වගේ ‘‘පාස්කු ප‍්‍රහාරයේ ඇත්ත නැත්ත පොත’’ කියවීමට අපි බලාගෙන ඉන්නවා.

එදා යහපාලන ආණ්ඩුව රජයේ සේවකයින් ගෙනාවේ ජනාධිපති කොමිසම්වලට නොවෙයි. එදා ඔවුන් අරලියගහ මන්දිරයට ගෙනත් බලපෑම් කළා ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට. අද දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමෙන් දිගින් දිගට හෙළිවෙනවා ඔවුන්ගේ දේශපාලන පළිගැනීම් පිළිබඳව.

එම්සීසී ගිවිසුම පිළිබඳව අද යහපාලන ආණ්ඩුවේ නිරුවත හෙළිවෙද්දී මේ පිළිබඳව ප‍්‍රශ්න කරනවා. මේ ගිවිසුමේ බරපතළකම අද වෙද්දී රටේ ජනතාව තේරුම් ගෙන තිබෙනවා. කිසිසේත්ම අපේ රජයක් මේ ගිවිසුම අත්සන් කරන්නේ නෑ. විපක්ෂයේ අද සටන තියෙන්නේ ආණ්ඩු බලය ගැනීමට නොව විපක්ෂයේ වැඩි මන්ත‍්‍රී ආසන ගැනීම පිළිබඳවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා-

ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය ජනාධිපතිවරණයේදී අතිවිශිෂ්ඨ ජයග‍්‍රහණයක් අප රටේ ජනතාව ලබාදුන්නා. ඒ ජයග‍්‍රහණය වඩාත් අර්ථවත් කිරීමට නම් තුනෙන් දෙකකට වැඩි බහුතර බලයක් සහිත පාර්ලිමේන්තු ජයග‍්‍රහණයක් අපි බලාපොරොත්තු වෙනවා.19 ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කරපු අවුල් සහගත තැන් ලිහාදැමීමටනම් තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි. 19 සංශෝධනයේ අරමුණ වූයේ රාජපක්ෂ වරුන්ගෙන් පළිගැනීමයි. පවුලක් අරමුණු කරගෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කරපු ලෝකයේ තිබෙන එකම රට ශ‍්‍රී ලංකාවයි.

ස්වාධීනයි කියා ඇති කරපු කොමිසම් සභා විසින් ඒ ආයතනවල ස්වාධීනත්වය නැතිකර තිබෙනවා. ඒඇති කරපු කොමිසන් සභා ස්වාධීන නැහැ. හේතුව ඒ කොමිසන් සභා පත්කරපු ව්‍යයස්ථා සභාව සමන්විත වුණේ ස්වාධීන

අයගෙන් නොවූ නිසා. පාර්ලිමේන්තුවට පත්වූ මන්ත‍්‍රී වරුන්ගේ ව්‍යුහය අනුව සකස් වූ ව්‍යවස්ථා සභාවක් නොවෙයි තිබුණේ.

අනුර බාලසූරීය
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles